World

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

යුක්රේනයේ මරිපෝල් සහ වොල්නෝවාකා යන නගරවල පැය 5 කට පමණක් සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියන් හමුදාව එකග වී ඇත.

සටන් විරාමය සදහා රුසියන් හමුදා එකග වී ඇත්තේ මරිපෝල් සහ වොල්නෝවාකා නගර වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීම සදහා ‘මානුෂීය කොරිඩෝවක්’ නිර්මාණය කර දෙමිනි.

සටන් විරාමය පවතින එම කෙටි කාලයේ වහා නගරයෙන් පිටවී යන්නැයි රුසියන් රජය, මරිපෝල් සහ වොල්නෝවාකා වැසියන්ට දැනුම් දී තිබේ.

සටන් විරාමයේ කාලය අවසන් වූ සැණින් නගර වලට දිගට හරහට පහර දෙමින්, ඒවා අත්පත් කර ගැනීමට රුසියන් හමුදා සුදානම් වෙයි. මරිපෝල් යනු යුක්රේනයේ වරාය නගරයකි.

Related posts

විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ

colombotoday

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

colombotoday

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday

ඔස්ට්‍රියාවේ මුස්ලිම් සිතියමක් ප්‍රසිද්ධියට පත්කරයි.

colombotoday

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday