World

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් රුසියාව තුළ තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, RT පුවත් සේවය ඇතුළු එරට ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවිවල ජාත්‍යන්තර ප්‍රවේශය ද අවහිර කර ඇති බවයි.

ටෙලිග්‍රෑම් තහනම් කර, ට්විටර් සීමා කිරීමට ද රුසියාව පියවර ගෙන තිබේ.

“ව්‍යාජ” පුවත් හිතාමතා පතුරුවා හරින ඕනෑම අයෙකුට වසර 15 ක සිර දඬුවමක් නියම කෙරෙන නව නීතියක් රුසියාව පසුගියදා හඳුන්වා දුන්නේ ය.

එවැනි වාතාවරණයක් තුළ යුක්‍රේන ජනාධිපතිවරයා අද අමෙරිකානු සෙනට් මණ්ඩලය ඇමතීමට නියමිතව ති‌බේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද හෙට(06) හදිසියේ රැස්වන්නේ යුක්‍රේන මානූෂීය අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් විශේෂ කෙටුම්පතක් සකස් කිරීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කරයි

colombotoday

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

Admin

‘සෙල්මන් බෝයි’ ගේම් ඇප් එකට එරෙහිව සුපිරි ​බොලිවුඩ් නළු සල්මාන් ඛාන් උසාවි යයි

colombotoday

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday