Colombo Today Local News

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති ඉවත දමයි !

විදේශ ඇමති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකා තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (25) ප්‍රතික්ෂේප කර තිබේ.

‘විසුම්පාය‘ සිය නිල නිවස ලෙස යොදාගැනීමට අදාළව එක් කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කර ඇති අතර, ‘විසුම්පාය‘ මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන්ට නවාතැන් ගැනීමට යොදා ගැනීම නිසා ජනාධිපතිවරය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මසකට රුපියල් ලක්ෂ දෙහකහමාරක වැටුපකට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පත්කර ගැනීමට අදාලව අනිත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන අතර, සෙසු අමාත්‍යවරුන්ගේ විරෝධතා සලකා බලා එයද ඉවත දැමීමට ජනාදිපතිවරයා තීරණය කර තිබේ.

එසේම ඉන්දියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්ද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

“උතුරෙන් හමුදාව ඉවත් කරන්න” ඊළාම්වාදියෙක් ඇමති මංගලගෙන් ඉල්ලයි

colombotoday