Colombo Today Local News

හෙට අත්සන් කරන්න යන හම්බන්තොට වරාය ගිවිසුම මෙන්න !

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, චයිනා මර්චන්ට්ස් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට හම්බන්තොට වරාය පැවරීම සදහා වන ගිවිසුම හෙට (28) අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය විසින් ලබාගන්නා ලද වානිජ ණය මුදල් යොදාගනිමින් රුපියල් බිලියන 193ක් ආයෝජනය කර හම්බන්තොට වරාය ඉදිකර තිබේ.

කෙසේවුවද මේ සඳහා 2016 දෙසැම්බර් 08 වැනිදා රාමුගත ගිවිසුමක් අත්සන් කර තිබේ.

මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ ලංකාවේ ලිංයාපදිංචි සමාගම් දෙකක් වීම විශේෂිතය.

එම ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.4කි.

ඒ අනුව Hambantota International Port Service Co ltd (HIPS) සමාගම හම්බන්තොට වරායේ ආරක්ෂාව, නාවික සේවා, නියමුකරණ කටයුතු නැංගුරම් සම්බන්ධ කටයුතු, නාවික කටයුතුවලට ආධාර හා ප්‍රතිපදාන ලබාදීමේ කටයුතු, රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු, හදිස්සි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පරිසර දූෂණ පාලන කටයුතු වැනි සාමාන්‍ය පොදු පහසුකම් හා සේවා කළමනාකරණය කළ හැකි සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.

මේ සමාගමේ 50.7% ක කොටස් වරාය අධිකාරිය සතු වේ. ඉතිරි 49.3% ක ප්‍රමාණය සතුවන්නේ චයිනා මර්චන්ට් පොර්ට් සමාගමටය.

මේ ගිවිසුමේ බැඳෙන අනෙක් සමාගම වන්නේ Hambantota International Port Group (pat) ltd (HIPG) සමාගමයි. මෙහි කොටස් බෙදීයාම කොළඹ ව්‍යාපෘතිවලට අනන්‍ය වේ. එම අනන්‍යතාව අනුව 15% වරාය අධිකාරියටත් 85%ක් චයිනා මර්චන්ට් පොර්ට් සමාගමටත් වශයෙන් එහි කොටස් බෙදී ගොස් තිබේ.

මේ අතර, අදාළ කොටස්වලින් 20%ක් වසර 10ක් තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විකිණීමට එකඟව ඇත.

මෙහි ගිවිසුම් කාලය වසර 99කි. එසේම ගිවිසුම ආරම්භක දිනයේ සිට වසර 70ක් ගතවූ පසුව සියලුම කොටස් ප්‍රමාණය මිලදී ගැනිමට හෝ වසර 80ක් ගතවීමෙන් පසුව HIPS සමාගමේ කොටස්වලින් 76.8% ක් HIPG සමාගමේ කොටස්වලින් 60%ක් ඩොලර් 1කෙ මිලදී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය තිබේ.

මේ ගිවිසුමට අනුව හම්බන්තොට වරායට අයත් හෙක්ටයාර 1574 ක සීමාවෙන් 1151 ක් බදුදීමට නියමිතය.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය

Related posts

අලි සබ්‍රි ගේ කුපාඩි දේශපාලනය හා අල්-ටකියා දෙබිඩි කතා – චෝදනාවලට බොදු බලෙන් ප්‍රතිචාර !

colombotoday

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

“මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක බුදු පිළිම තැබීම යහපාලනයට පටහැනියි.. ඉවත් කරනු!“ – මහඇමති නසීර් සැර වෙයි

colombotoday

අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ.. කොවිඩ් පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි.

colombotoday

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday