Colombo Today Local News

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් කිහිපයක් හටගෙන තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, ස්ථූපයේ හතරැස් කොටුව ආසන්නයේ සිට ගර්භය දෙසට මීටර් 5 ක් පමණ දිග පැළුම් 2 ක් පමණ හඳුනා ගෙන ඇති බවයි.

මිට පෙරද ජේතවන ස්ථූපයේ පැළුම් කිහිපයක් හටගත් අතර එය ප්‍රතිසංස්කරණය කෙරුණේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උපදේශක කමිටුවක් නිර්දේශ මතයි.

කෙසේ වෙතත් නැවත හටගෙන ඇති මෙම පැලුම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු පැවසී ය.

අඩි 269 ක් උසින් යුත් ජේතවනාරාම දාගැබ සැලකෙන්නේ ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙසයි.

කිස්තු වර්ෂ 273 ත් ක්‍රිස්තු වර්ෂ 301අතර රජකම් කළ මහසෙන් රජු විසින් ඉදිකළ මෙහි බුදුන් වහන්සේගේ පටී ධාතුව තැන්පත් කර ඇති බව වංශ කථාවල සඳහන් ය.

අනුරාධපුර යුගයේ පරිහානියත් සමග ගරා වැටී තිබූ මෙම දාගැබ මීට වසර කිහිපයට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ප්‍රතිසංස්කරණය කෙරිණ.

Related posts

“මගේ දරුවන්ටත් වඩා මම මොරගහකන්ද ජලාශයට ආදරේයි” – ජනපති මෛත්‍රී කදුළු සලයි…

colombotoday

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday

සජිත්ගේ ජනපති අපේක්ෂක එකගතා ලියවිල්ල ලීක් වෙයි… දිනුවානම් රටම සුන් !

colombotoday

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday