Colombo Today Local News

“පාලකයෝ.. අධිරාජ්‍යවාදී මානසික වහල්ලු” ඇමති විජේදාස එජාපයට, NGO රැලට රිදෙන්නම දෙයි (Video)

තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) ආවේගශීලීව සිය ප්‍රතිචාරය පළ කළේය.

ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන වකුගඩු රෝගය වැනි රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා “පළිගනිමින් සිටින” බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී දැඩි ස්වරයෙන් සඳහන් කළේය.

පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සහ ඉන් අනතුරුව කිහප වතාවක්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කර තිබුණි.

“දැන් එතුම තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් කොහෙද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කොරන්න වෙලාවක් තියෙනවයි,” අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සහ බුද්ධ ශාසනයට සිදු වූ “හිරිහැර සහ අසාධාරණ” සම්බන්ධයෙන් අදහස් පළකරන විට “ජාතිවාදීන්” සහ “ගෝත්‍රිකයන්” ලෙසින් විවේචන එල්ල කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජාතික සම්පත් රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විට ද එවැනිම චෝදනාවලට ලක්වීමට සිදුවෙන බවය.

“අපේ රටේ තිබුණු රුදුරු ත්‍රස්තවාදය අවසන් කරපු අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ දාල පෝරකයට ගෙනයන්න දෙන්නේ නෑ කියල කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකය,” අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

“අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන ස්ථාවරය ගන්න කොට, ඒකට දේශපාලන ඇගිලි ගැසීම් කරන්න එපයි කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා.”

“අධිරාජ්‍යවාදී වහල්ලු විදියට දීන මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිව ඉන්න නිවට දේශපාලනඥයන්,” ලෙසින් ඔහු විග්‍රහ කළ පිරිසක් ද එහිදී අධිකරණ ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන නමින් සඳහන් නොකළ නමුත්, “මට රකින්න බූදලයක් නැත, ඔටුනු පළඳින්න කුමාර කුමාරියන් නැත,” යන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දැක්වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, “ඒ සාපෙ තමයි අපි මේ ගෙවන්නේ,” යනුවෙන් ද සඳහන් කළේය.

“එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා.”

එවැනි “හැඟීමක් නැති පාලකයන්” සහ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉතා ආවේගශීලීව විවේචන එල්ල කළ නමුත් සිය ප්‍රකාශය ඇතුළත ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය.

මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු සිවිල් සමාජය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කිරීමට ඉඩ තිබෙන බව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා සඳහන් කළේය.

 

– BBC

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1535953739776232/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

මහින්ද පවුල ගොඩ ගන්න රටත් පාවා දෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි

colombotoday

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

colombotoday

ආගමට මුල්තැන දෙමින් ගෝඨාභය 69 සමරයි..

colombotoday