Colombo Today Local News

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පැවරීමට කැබිනට් ඇමැතිවරුන් කටයුතු නොකිරීම නිසා ජාතික ආණ්ඩු ගිවිසුම සංශෝධනය කිරීමට කටයුතු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරුන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් හැර අනෙකුත් කැබිනට් ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පවරා ඇත්තේ අල්ප වශයෙනි.

නියෝජ්‍ය ඇමැතිවරුන්ට ද මේ ගැටලුව ඇතත්, ඔවුන් මෙතෙක් දැඩි තීන්දුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර නැත.

ලබන අගෝස්තු 21 වැනිදා ජාතික ආණ්ඩු ගිවිසුම අවසන් වීමට නියමිත අතර, එයින් පසු ගිවිසුම දීර්ඝ කරන්නේ නම් තමන්ට ද බලතල හිමි වන ආකාරයේ ඇමැති ධුර ලබාගත හැකි වන පරිදි එය සිදු කළ යුතු බව මේ රාජ්‍ය ඇමැතිවරුන් බලකර සිටිති.

srilankanmirror

Related posts

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

වැට පැන්න ඇමති ජෝන්ට රෝස් ප්‍රනාන්දුගෙන් හරුප සංග්‍රහයක් !

colombotoday

කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

දින තුනක් වයසැති බිළිදියක රෝහල පිටුපස දාමා ගිහින්

Admin

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin