Colombo Today Local News

නීතිපති දෙපාර්තමේන්තුවට ගල් ගහන එජාප ඇමතිලාට නීතීඥ සංගමයෙන් පිළිතුරු !

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ දැනට සිදුවෙමින් තිබෙන පරීක්ෂණ සම්බන්ධව ඇතැම් දේශපාලනඥයන් විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල කරන පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකින බව එම සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා මහතා පවසයි.

මහ බැංකුව යනු රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවත් එවැනි ආයතනයක මහ පරිමාණ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් රට අගාධයට යෑමත් ආණ්ඩුව සහ බැංකු ක්ෂේත්‍රය කෙරෙහි ජනතාවගේ ඇති විශ්වාසය බිඳ වැටීමත් වැළැක්විය නොහැකි බව සිල්වා මහතා සඳහන් කරයි.

බැඳුම්කර අක්‍රමිකතාව පිළිබඳව සෙවීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතුවලට ප්‍රමුඛතාවක් ලබාදිය යුතුව ඇතැයි හෙතෙම කියා සිටී. අධිකරණය හෝ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන හෝ වෙනත් බලපෑම්වලට නතුවී කටයුතු නොකරන ස්වාධීන ආයතන බවත් එවැනි ආයතන කෙරෙහි මහජන විශ්වාසය පලුදුවන ආකාරයේ අභූත චෝදනා එල්ල කිරීම සුදුසු දෙයක් නොවන බවත් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

colombotoday

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

Admin

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

colombotoday

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

colombotoday