Colombo Today Local News

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

ගම්පොල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියේ රාජකාරි කටයුතු සිදු කල පොලිස් සැරයන්වරයෙකු අභිරහස් ලෙස අතුරුදහන් විම සම්බන්ධයෙන් ගම්පොල පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ නුවරඑලිය කොත්මලේ පොලිසියේ අවසන් වරට රාජකාරි කටයුතු සිදු කල සැරයන් සුප්පයියා ඉලන්ගෝවන් (56) හැවිරිදි (55618) නැමති පොලිස් නිලධාරිවරයයි.

වසර 33 කාලයක් පොලිස් සේවයේ යෙදි සිටි සුප්පයියා ඉලන්ගොවන් පොලිස් සැරයන්වරයා නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ආරක්ෂක නිලධාරිවරයා වශයෙන් රාජකාරි කර අවසන් වරට නුවරඑලිය පොලිසියේ රාජකාරි කටයුතු සිදු කර මිට මාස දෙකකට පමණ ප්‍රථම කොත්මලේ පොලිසියට මාරුවිමක් ලබාගෙන ගොස් ඇත.

තලවකැලේ පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි අතුරුදහන් වි ඇති පොලිස් සැරයන්වරයා තිදරු පියෙකු වන අතර ,සැරයන්වරයාගේ බිරිද පුඩළුඔය දමිල මහා විද්‍යාලයේ ගුරුවරියෙකු වශයෙන් සේවය කරනු ලබයි.

කොත්මලේ පොලිසියේ රාජකාරි කරමින් සිටියදි අතුරුදහන් වි ඇති පොලිස් සැරයන්වරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා තම පියා ඇතුළු පවුලේ සමාජිකයන් අගොස්තු මස (31) දින තම නිවසේ නිරෝධායනයේ යෙදි සිටි බවත්, ඉන් අනතුරුව පියාට ඇති වු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් සැප්තැම්බර් මස (08) දින ගම්පොල මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහු එම රෝහලේ 10 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි එම සැරයන්වරයාගේ පුතා වන ඉලන්ගෝවන් අගිනාත් කියා සිටින්නේ.

පියා රෝහලට ඇතුලත් කර දිනයේම රෝහලේ පාලන අධිකාරිය මගින් තම දුරකථනයට ඇමතුමක් ලබාගෙන නේවාසිකව ප්‍රතිකාර ලැබු පියා රෝහලෙන් පැන ගොස් ඇති බවට තමන්ට දැනුම් දුන් බවද අතුරුදහන් වු සැරයන්වරයාගේ පුතා කියා සිටියේ.

තම පියාට රෝහලෙන් පැන යාමට හෝ එසේ පැන ගොස් සැගවි සිටිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අතුරුදහන් වි ඇති තම පියා සොයාදිමට අවශ්‍ය කටයුතු කරන මෙන් පොලිසියෙන් සැරයන්වරයාගේ බිරිදද ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට එම නිලධාරිවරයා කියා සිටියේ අතරුදහන් වි ඇති සැරයන්වරයා නිදන්ගත රෝගයකින් පෙලුණු අයෙකු බවත්, එම සැරයන්වරයා රෝගයට බිය වි ඥාතියෙකුගේ හෝ යහළුවෙකුගේ රැකවරණය යටතේ සැග වි ඇති බවට පොලිසිය සැකකරන බවයි.

කෙසේ වෙතත් අතුරුදහන් වු සැරයන්වරයා සොයා ගැනිමට ගම්පොල සහ කොත්මලේ පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද එම නිලධාරිවරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday

ලංකාවට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය නිරෝධායනයට

colombotoday

“නාමල්ගේ ඩුබායි ගිනුමි වල සල්ලි ලබන සතියේ ලංකාවට ගේනවා” – රාජිත

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවෙලා- නීතිපති

colombotoday

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

colombotoday