Colombo Today Local News

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි.. මේ සතිය තීරණාත්මකයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතිය තුළ පැවැත්වීමට නියමිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා වූ කරුණු මත පදනම් වූ අන්තර්කාලීන වාර්තාව ගැන පක්ෂවල අදහස් හෙට දිනයේ පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේ සාකච්ඡාවට පෙර පක්ෂවලට ලබාදෙන ලෙස පක්ෂවලට දන්වා තිබෙන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සිය නිල ස්ථාවරය තවමත් දන්වා නොමැති අතර, ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන ද ඔවුන් තවමත් නිල ස්ථාවරයක් ප්‍රකාශ කර නොමැත.

“කර තිබෙන ඇඟවීම් අනුව පෙනෙන්නේ ඔවුන් විධායක ජනාධිපති ධුරය එළෙසම පවත්වාගෙන යාමට කැමති ආකාරයකුයි, ඔවුන් එහි බලතල අඩු කරන්න කැමතියි ඒ වුනාට” යනුවෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.

සම්පාදනය කරන්නේ නව ව්‍යවස්ථාවක් ද නැතිනම් සිදු කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද යන්න පිළිබඳ පවා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති නොවීම මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය කල් යාමට හේතු වී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

“එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා වමේ පක්ෂ නව ව්‍යවස්ථාවකට කැමැත්ත පළකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඒ ගැන සිය ස්ථාවරය ප්‍රකාශ කර නැහැ” යනුවෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය නිල ස්ථාවරය ලිඛිතව මේ සතියේ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආණ්ඩුව බලයට පත් වී තුන් වසරක් සම්පූර්ණ වීමට පෙර අවසන් කළ යුතු බව තම මතය බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේය.

“හැකි ඉක්මනින් මේ දේ කළ යුතුයි, පාර්ලිමේන්තුවක අවසන් කාලය මේ සඳහා සුදුසු නැහැ, 2000 ව්‍යවස්ථාව පරාජය වුනෙත් එය පාර්ලිමේන්තුවේ අවසන් කාලයේ ඉදිරිපත් වුණු නිසයි, මොකද දේශපාලන සාධක ඊට බලපෑවා”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ව්‍යවස්ථාවේ මූලික කරුණු ගැන එකඟත්වයක් ඇතිවුවහොත් අපිට මේක කෙටුම්පත් කිරීම ආරම්භ කරන්න පුළුවන්”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ අන්තර්කාලීන වාර්තාව ගැන එකඟතාවකට පැමිණ එය මේ සතියේ එළිදැක්වීමට හැකිවනු ඇතැයි යන්න තම බලාපොරොත්තුව බව කී ආචාරය ජයම්පති වික්‍රමරත්න ඉන් පසු එය ජනතාව අතර සාකච්ඡාවට ලක්කළ හැකි බව පැවසීය.

BBC

Related posts

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin