Colombo Today Local News

විජේදාස රාජපක්ෂ අද ඇමති ධුරයට සමුදෙයි !!

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පැවසුවේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දී ඇති බවයි. ඒ අනුව අද දිනයේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරනු ඇතිබවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීරණය ඊයේ ජනාධිපතිවරයා වෙත දන්වා ඇත. විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා මුලදී අකමැත්ත පල කළද එජායේ තීරණය හා විවිධ පාර්ශව වලින් එල්ල වන දැඩි බලපෑම් හේතුවෙන් ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතිබවද ආරංචි මාර්ග සදහන් කරයි.

බුද්ධ ශාසන ඇමතිවරයා වශයෙන්, බුද්ධාගමට හා සිංහල බෞද්ධ ජනතාවට එල්ල වී තිබෙන තර්ජන හා ගැටළු සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා පසුගිය සමයේ සෘජුවම පෙනී සිටි අතර, රට තුළ හිස ඔසවමින් පවතින ඉස්ලාමීය අන්තවාදය ද ඔහුගේ විවේචනයට ලක්විය. ඩොලර් යුරෝ මත යැපෙමින් රටට වින කරන එන්.ජී.ඕ නඩයට පහර පිට පහරදුන් ඇමතිවරයා, රටට එල්ල වන අනවශ්‍ය ජාත්‍යන්තර මැදිහත්වීම්වලට එරෙහිව විදේශීය නියෝජිතයන්ගේ මූණටම සිය අප්‍රසාදය පළකලේය. ජාතික සම්පත් විකිණීම ඇතුළු ආණ්ඩුවේ විජාතිකකරණ වැඩපිළිවෙලට එරෙහිව, ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටම නැගී සිටි ඔහු, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ දූෂිත ක්‍රියාකළාපය ද දැඩිව විවේචනයට ලක්කළේය.

මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස විජේදාස රාජපක්ෂ මහතාට සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවන්නේ, හෘද සාක්ෂියට එකගව, අවංකව අදහස් ප්‍රකාශ කරන, තීරණ ගන්නා දේශපාලනඥයන්ට මෙරට ජරාජීර්ණ වූ දේශපාලනයේ ඉඩක් නොමැති බවට පසක් කරවමිනි.

https://www.facebook.com/wijeyadasarajapakshe/videos/10155710873391474/

Related posts

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

colombotoday

යුද විරෝදී NGO වැඩ ගැන මහින්ද කියද්දී ඩිලාන්ගේ ඇහැට කදුළු ඇවිත්

colombotoday

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

colombotoday

කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday