Colombo Today Local News

ඇමතිකමෙන් නෙරපූ හේතුව හිටපු ඇමති විජේදාස හෙළිකරයි (Video)

රටේ ජාතික සම්පත් විකුණා දමන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීමට සිදුවීම තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාවට වඩා වෙනස් වූ චෝදනාවක් තමන්ට එල්ල කරමින් තමන්ව ධූරයෙන් පහ කළ බව ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(23) දිනයේ අමාත්‍යවරයා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා කියා සිටියේ ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාව වූයේ අධිකරණයට බලපෑම් කිරීම හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම යැයි වුවත් තමන්ට ඇති චෝදනාව වූයේ අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම බවයි.

එමෙන්ම අප රට තුළ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අමාත්‍ය මණ්ඩලයක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වෙනි ව්‍යවස්ථාව අනුව හම්බන්තොට ගිවිසුම වැනි ගිවිසුමකට ඇතුළුවීමේදී එය අත්‍යවශ්‍ය යෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම හම්බන්තොට ගිවිසුම අත්සන් කරනු ලැබුවද එය කඩදාසියකට පමණක් සීමා වූ බල ශූණ්‍ය වූ කොළයක් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.

එය හෙළිදරව්වීමත් සමඟ යම් කුපිත වූ කණ්ඩායමක් විසින් තමන්ට මෙම තත්ත්වය උදා කළ බවත්, එවැනි ජාතික සම්පත් විකුණා දමන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීමට සිදුවීම තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම තමන් මේ ආකාරයෙන් කතා කරන්නේ අස් කළ අමාත්‍යවරයෙකු ලෙස බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර මඟඩිය වැනි මහා පරිමාන දූෂණ හා වංචා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම හමුවේ දිග හැරෙමින් තිබෙන බවත්, ඒ හේතුවෙන් එහි මහ මොළකරුවන්ද එළියට එන බවත් කියා සිටි ඒ මහතා පවසා සිටියේ ඔවුන් මේ වන විට බිය වී ඇති බවයි.

එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව පවත්වාගෙන ආ බවත්, ඒ නිසාවෙන් වැරදි වසා ගැනීමට හා යට ගැසීමට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මෙලෙස ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවේ කොදු නාරටික කඩා දැමූ බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම පසුගිය 15 දා දින චන්ඩි මන්ත්‍රී මැති ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරයට රැස්වී නීතිපතිවරයාට විවිධ ලෙස දෑ ප්‍රකාශ කර බලපෑම් කර ඇති බවත් , එහිදී තරහකාරයින්ගේ නඩු හැකි විගස විභාගයට ගන්නා ලෙසද ප්‍රකාශ කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමඟ තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රචාරයන් පතුරමින් තමන්ව බිල්ලට දීමට මේ ආණ්ඩුව උත්සහ කරන බවද ඒ මහතා පවසා තිබේ.

එමෙන්ම පසුගිය සමයේ එජාපය විසින් ලංගම විකිණූ බවත්, තමන් නඩු කියා එය නැවත ලබා නොගත්තේ නම් මේ වන විට ලංගමක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

ඒමෙන්ම රක්ෂණ සමාගම විකිණීම, ඇපලෝ රෝහල විකිණීම, කොළඹ වරායේ අක්කර ගණනක් විකිණීම යනාදී ජාතික සම්පත් විකිණීමේදී ඒ සෑම අවස්ථාවකදීම නීති මාර්ගයෙන් එය නැවත ලබා ගැනීමට තමන් පෙරමුණ ගෙන කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දුනි.

 

Related posts

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday

5 දෙනෙකුට මරු කැඳවු බිහිසුණු අනතුර

colombotoday

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

colombotoday