Colombo Today Local NewsNew Constitution

“ඒකීය රාජ්‍ය” නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි, දෙමළ පිටපත්වලින් හැලෙයි..!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවේ ඉංග්‍රීසි හා දෙමළ පිටපත්වල ඒකීය රාජ්‍ය යන සිංහල යෙදුම වෙනස් ආකාරයෙන් දක්වා ඇතැයි ඒකාබද්ධ විපක්ෂය එම කමිටුවට ලිඛිතව දන්වා යවා තිබේනවා.

කමිටු සාමාජිකයන් වන දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග  විසින් ලිඛිතව මෙම දැන්වීම කර තිබෙන අතර මෙම වාර්තාවල මෙවැනිම එකිනෙකට පටහැනි පද යෙදුම් භාෂා ත්‍රිත්වයෙන් ඇතුළත් කර ඇති බව නිරීක්ෂණය වන්නේ යැයිද එම මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටු සභාපති  අග්‍රාමාත්‍යවරයාට පැමිණිලි කර තිබේ.

අදාළ වාර්තාවන්ට සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් එකිනෙකට පටහැනිව හා පරස්පරතාවන් ඇති පද යෙදුම් ඇතුළත් කිරීම මෙහෙයුම් කමිටුව නොමග යැවීමක් ලෙස සැලකිය හැකි බවද මන්ත්‍රීවරු ලිපිය හරහා පෙන්වා දෙන අතර ඒකීය රාජ්‍ය යන සිංහල වචනය ඉංග්‍රීසියෙන් හා දෙමළ මාධ්‍යයෙන් හාත්පසින්ම වෙනස් යෙදුම් ඇතුළත් කිරීම මගින් භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා සිංහල, දෙමළ, ඉංග්‍රීසි කෙටුම්පත්වල ඇති පද යෙදුම ඉතා සැලකිල්ලෙන් වැඩිදුරටත් සංසන්දනාත්මකව හා ගැඹුරින් අධ්‍යයනය කිරීමට සිදුව ඇති බවත් ඔවුන් කියා සිටියි.

මේ නිසා අතුරු වාර්තා කෙටුම්පත සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ නිරීක්ෂණ මෙහෙයුමේ කමිටුවට ලබාදීම සඳහා අමතර දින කිහිපයක් ගතවන බවද ඔවුන් අගමැතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

 

Related posts

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday

“රජයේ විශ්විද්‍යාලවල ඉඩ මදි.. SAITM වැනි ආයතන තව හදනවා“ – සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා..!

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday