Colombo Today Local NewsNew Constitution

විධායකය අහෝසිකිරීමට එකග නොවෙයි.. එජාප ව්‍යවස්ථා යෝජනා ශ්‍රීලනිප ය ඉවත දමයි !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එ.ජා.ප ය ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී.ල.නි.පයෙන් නව ව්‍යවස්ථා යෝජනා මාලාවක් ඉකුත් බ්‍රහස්පතින්දා බාරදී ඇත. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් රැකගත යුතුයැයි එම යෝජනා මගින් ශ්‍රී.ල.නි.පය පෙන්වා දී තිබේ. එසේම කඩිනමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බවද එම යෝජනාවලට ඇතුළත්ය.

පළාත් සභාවලට බලතල පවරන ලැයිස්තු අතර වන සමගාමී ලැයිස්තුව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ශ්‍රී.ල.නි.පය විරුද්ධ වී තිබේ. එසේම පළාත් සභාවල දැනට ආණ්ඩුකාරවරුන් සතුව පවත්නා බලය මහ ඇමැතිවරුන්ට පැවරීමට කර ඇති යෝජනාවටද ශ්‍රී.ල.නි.පය එකඟ නොවන බව ප්‍රකාශ කර ඇත.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මගින් යෝජනා කර ඇති නව ව්‍යවස්ථා අධිකරණයටද ශ්‍රී.ල.නි.පය එකඟ නොවන බව එම යෝජනාවල සඳහන් යැයි වාර්තා වෙයි.

මෙම ප්‍රධාන කරුණු ඇතුළත් ශ්‍රී.ල.නි.ප ව්‍යවස්ථා යෝජනා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට බාරදුන් බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

Related posts

හාල් ගෙන්නන්න දෙන්නෙත් නෑ – මිල වැඩි කරන්න දෙන්නෙත් නෑ – ඇමති බන්දුල අමාරුවේ වැටෙයි.

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා ජනපතියි, සියල්ල දැන දැනත් ඔහු ප්‍රහාර වලකන්න කටයුතු කළේ නෑ…

colombotoday

යුද හමුදාපතිගේ රුව යොදාගත් පොහොට්ටුවේ දැන්වීමට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin