
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ.
එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් ලෙස සඳහන් වෙයි.
ඒ අනුව 2008 වසරෙන් අනතුරුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඉහළම මිල එය වෙයි.
රුසියානු-යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දිනෙන් දින වෙනස් වෙමින් පවතියි.
මෙම තත්ත්වය මත ඉදිරියේදී රටවල් වල ඉන්ධන මිල ගණන් ඉතා ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com