Colombo Today Local NewsNew Constitution

එල්.ටී.ටී.ඊ. ඩයස්පොරා ලොක්කෙක් හොර රහසේම ලංකාවට ඇවිත්.. ව්‍යවස්ථව ගැන සාකච්ඡා !

දෙමළ ඩයස්පෝරාවේ ඉතා ප්‍රබල සාමාජිකයකු වන ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එම්මෑනුවෙල් පූජකයා දැනට සතියකට පෙර ඉතා රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පසුගිය කාලයේ ජාත්‍යන්තර කොටිඩයස්පෝරාව සමග එක් වී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මූලිකව ඔහු කටයුතු කලේය. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධව චෝදනා නැගූ ජාත්‍යන්තරරාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන යස්මින් සූකා සමග ද ඔහු සමීපව කටයුතුකරන්නෙකි.

එම්මෑනුවෙල් පූජකයා අප්‍රසිද්ධියේ කොළඹට පැමිණ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ අනුග්‍රහය යටතේ බව දැනගන්නට ඇත.

රජය ළඟදී ඉදිරිපත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දෙමළජාතික සන්ධාන ප්‍රධානීන් හා ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට ඔහු සැලසුම්කර තිබූ බවද වාර්තා විය. මේ අතර පසුගියදා ඔහු උතුරේ සරසවි සිසුන්ද මුණගැසීඇත.

 

Related posts

මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම – හිටපු ජනපතිගේ නිවේදනය

colombotoday

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

colombotoday

මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට විශේෂ කාරක සභාවක්

colombotoday

“ලක්වාසීන්ගේ පීඩාකාරී මනසට සැනසීමක් ගෙන දුන්නාට ස්තුතියි” – හිටපු ජනපතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම්

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday