Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාව ඉක්මන් කරන්නැයි බටහිර රටවල් 4ක් දන්වයි.. ජනමතවිචාරණය දෙසැම්බරයේ !

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් සම්පාදනය කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබන මස (ඔක්තෝබරයේ දී) සම්මත කරගෙන නොවැම්බරයේ ජනමත විමසුමකට ලක් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

යෝජිත ව්‍යවස්ථාව තවදුරටත් පමා නොකළ යුතු බව ශ්‍රී ලංකාවට ආධාර කරන ප්‍රබල බටහිර රටවල් 4 ක් විසින් රජයට තීරණාත්මක දැනුම් දීමක් කර ඇත. එසේම දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ සුළු පක්ෂ ගණනාවක් ද රජයෙන් ඉල්ලා ඇත්තේ ව්‍යවස්ථාව සඳහා කළ යුතු ජනමත විචාරණය පළාත් පාලන මැතිවරණයට පෙර පැවැත්විය යුතු බවයි. ඒ අනුව නොවැම්බර් මාසයේ ජනමත විමසුම පැවැත්විය යුතුය යන යෝජනාව රජය පිළිගෙන ඇතැයි දැනගන්නට තිබේ.

නව ව්‍යවස්ථාව සම්පාදනයට පත් කර තිබෙන පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව සිය අවසන් වාර්තාව මේ මස අග හෝ ලබන මස මුල් සතියේ මැතිසබයට ඉදිරිපත් කෙරේ. එය දින කිහිපයකින් සම්මත කරගෙන අවසන් ව්‍යවස්ථා කෙටුම්පත සැකසීම රජයේ සැලැසුම බව පසුගියදා අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධයේ මන්ත්‍රීන්ට රනිල් වික්‍රමසිංහ මහතා දැන්වීය.

(දේශය)

Related posts

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday

ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි

colombotoday

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

ඩුබායි හි සඟවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday