Colombo Today Local News

පෙම පිලිනොගත් සිසුවිය පොරෝ පහරින් මරැට

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8) දින සවස පාසල නිමවී නිවස බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව හාලිඇල පොලිසිය පවසයි.

හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචි ධර්මරාජ් ලිබියා නැමති 18 හැවිරිදි පාසල් සිසුවිය මෙසේ ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.

උඩුවර වත්තේම පදිංචි බව කියන සැකකරු ප්‍රදේශයෙන් ඵලා ගොස් ඇති බවත් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා සදහන් කරයි.

හාලිඇල දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඝාතනයට ලක්වු සිසුවිය පාසල නිමවී බසයෙන් ගමන්කර එයින් බැස උඩුවර වලස්බැද්ද මාර්ගයේ පාගමනින් යන අතරතුර ඇගෙන් ආදරය අයැද සිටි තරුණයෙකු පොරෝවෙන් හිසට කිහිපවරක් පහරදී ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.

වසර කිහිපයක සිට ඝාතනයට ලක්වු තරුණියගෙන් ආදරය අයදිමින් සිටි සැකකාර තරුණයා පසුගිය වසරේදි සිසුවියගේ මවට
හා සහෝදරයෙකුට පොරෝවකින් පහරදීමක් සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ නඩුවක් පැවැත්වෙන බවද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වු සිසුවිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සදහා බදුල්ල මහ රෝහලට මෘත
ශරීරය ගෙන යන බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත නිළධාරීහු පරීක්ෂණ සිදු කරයි.

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් පත්කරද්දී මා අකමැති වුණා.. අගමැති ඔහුව පත්කර රටම ගද ගැස්සුවා

colombotoday

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday