Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

යෝජිත අලුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් වෙනම රාජ්‍ය සංකල්පය ලබා දීමේ අනතුරක් ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

පුරා 30 වසරක ත‍්‍රස්තවාදයේදීවත් ලබා ගත නොහැකි වූ දෙයක් මේ ආකාරයෙන් ව්‍යවස්ථාවෙන් ලබා ගැනීමට මග පෑදීමේ අවදානමක් ඇතැයිද කී ඔහු මෙම නව ව්‍යවස්ථාව ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානවල හා ඩයස්පෝරාවේ උවමනාව මත බවද සදහන් කරයි. දැනට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව මගින් පැහැදිලිවම ෆෙඩරල් රාජ්‍යයකට මග පෑදී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

යෝජිත මෙම ව්‍යවස්ථාව මගින් ජාතීන් අතර වන සංහිඳියාවට බාධා කරනු ඇති බවත් නැවතත් රට තුල අනවශ්‍ය බෙදීමක් ඇති කෙරෙනු ඇති බවත් එනිසා මෙම ව්‍යවස්ථාවට සියළු දෙනා එරෙහි විය යුතු බවත් සදහන් කරයි.

නව ව්‍යස්ථාවෙන් යෝජනා කර ඇති පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් පත් කිරීම, ආණ්ඩුකාරවර බලතල අහිමි කිරීම ආදී කරුණු රැසක් ගැනද බරපතළ ගැටලු රැසක් ඇතැයිද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

ආණ්ඩුකාරයා යනු සෘජුවම ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන නිසා හේමකුමාර නානායක්කාර මහතාගේ මෙම අදහස් ජනාධිපතිවරයාගේ අදහස්වලට අනුරූපී වනු ඇතැයි සිතිය හැක.

Lankacnews

Related posts

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

colombotoday

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

පැකට් කළ ආහාරවලට පාලන මිලක් එයි

colombotoday

ඉන්දියාව හැදූ ලොකුම යුධ නැව ශ්‍රී ලංකාව මිළ දී ගනී !

colombotoday