Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා දළ කෙටුම්පතෙන් ජාතිවාදය දෝරෙ ගලයි.. ජනවාර්ගික කළාප ගොඩනැගීමටත් යෝජනා

සැප්තැම්බර් 21 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු කමිටු වාර්ථාව (දළ කෙටුම්පත)  ඉතිහාසයේ මෙහෙත් ඉදිරිපත් නොවූ තරමේ මේ රට මෙන්ම සමාජයද කැබලි වලට කැඩී බිදී යන ආකාරයේ යෝජනා, ප්‍රතිපාදන ඇතුළත් ජාතිවාදී, වර්ගවාදී ලියවිල්ලක් බව පෙනී යයි.

ඉතිහාසය පුරා ජාතිවාදී වර්ගවාදී ඉල්ලීම් වෙනුවෙන්ම පමණක් පෙනී සිටි ද්‍රවිඩ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන්ගේ හා ඔවුන්ගේ බෙදුම්වාදී අභිලාශයන් මුදුන්පත් කරගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන එමගින් නොඅඩුව ලබාදී ඇති අතර, මෙරට සිංහල බෞද්ධ බහුතරයේ කිසිදු අදහසකට ඉඩ ලබා දි නැත.

සිංහල බෞද්ධයා දේශපාලනික වශයෙන් දුර්වල කිරීම, බුද්ධාගමට සහ ඓතිහාසික සංස්කෘතියට මෙරට හිමිතැන අහිමි කිරීම සදහා පසුගිය සියවස පුරා යටත්විජිතවාදීන් හා ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් ගත් වෑයමේ කූටාප්‍රාප්තිය දැකීමට මෙම ලියවිල්ල නීතිගත කරගැනීමෙන් ඔවුන්ට හැකිවනු ඇත.

දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් උප ජනාධිපතිවරු තිදෙනෙක් 

ඊනියා දෙමළ ඊළාම් නිජබිම තහවුරු කරමින් උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමට යෝජනා

ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් සමන්විත වන අතර, එක් මණ්ඩලයක සාමාජිකයන් වාර්ගික පදනම මත පත්කිරීමට යෝජනා වී ඇත. ඒ සිංහල ජාතිකයන් 18ක් සහ දෙමළ මුස්ලිම් ජාතිකයන් 18ක් වශයෙනි.  මෙය ජී.ජී පොන්නම්බලම්ගේ පනහට පනහ යෝජනාව සිහිගන්වන්නකි.  එහි සභාපතිවරයා සුළු ජාතික උප ජනාධිපතිවරයෙකි.  

ඔලුවිල් දිස්ත්‍රික්කය නමින් අලුත් දිස්ත්‍රික්කයක් ඇති කරමින් මුස්ලිම් ජාතිවාදින්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ “නැගෙනහිර මුස්ලිම් පරිපාලන කළාපය“ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත.

මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයේදී  යම් කොට්ඨාසයක සුළුතර ජනකොටසක් වේනම් එම පළාත වෙනම ජනවාර්ගික කළාප වලට බෙදීමට යෝජනා කර ඇත.

සුළු ජනවාර්ගික කණ්ඩායම් වෙනුවෙන් ප්‍රජා සභා –  ප්‍රජා සභා, ජන සභා පිහිටවිය යුත්තේ සමුහික සමාජ අයිතිවාසිකම් රැකගැනීම සදහා නොවන්නේද, ජාතිවාදී පදනමින් ප්‍රජාව බෙදීමන් සංහිඳියාව ගොඩනැගිය හැකි ද? 

ශ්‍රී ලංකා එක්සත් ජනරජය යනුවෙන් හැදින්වීමට යෝජනා කරේ.  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල වාර්තාවේ සිංහල පිටපතේ “ශ්‍රී ලංකාව නොබෙදුණු ඒකීය රටක්“ යන්න හදුන්වා ඇති අතර දෙමළ පිටපතේ “ඔරුමිත්ත නාඩු“ යනුවෙන් සදහන් කර ඇත. (ඉංග්‍රීසි භාෂාවේ unitary state (යුනිටරි ස්ටේට්) යන වචනය ශ්‍රී ලංකාව අරභයා සුදුසු නැති බවත් ඒ වෙනුවට ඒකීය/ ඔරුමිත්ත නාඩු ලෙසම ඉංග්‍රීසියෙන් යෙදීම සුදුසු ලෙසත් දක්වා ඇත. ඒ අනුව ඉංග්‍රීසි පිටපතේ දක්වා ඇත්තේ “Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu” ලෙසය. එවිට සිංහලයන් සිතිය යුත්තේ රට ඒකීය ලෙසය. එහෙත් දෙමළෙන් ඔරුමිත්ත නාඩු යනු “එකතු වීමෙන් නිර්මාණය වූ රට” යන්නයි. Unitary state යන වචන දෙකෙන් කියැවෙන රාජ්‍ය ස්වභාවය ගැන සම්මුතියක් ලෝකයේ ඇත. මේ උත්සාහ දරන්නේ “Aekiya” යනුවෙන් නව රාජ්‍ය විශේෂයක් බිහි කිරීමට යි. එය “Unitary state” ලෙස හැදින්වෙන රාජ්‍යයක් නොව වෙනත් රාජ්‍ය විශේෂයක්ය. මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව තව දුරටත් අධ්‍යයනය කල විට පෙනී යන්නේ “Aekiya” ලෙස මෙහි හැදින්වෙන්නේ ෆෙඩරල් රාජ්‍යයක් මිස අන් යමක් නොවන බවයි. මාස 17ක් 73 වරක් රැස් වී මෙහෙයුම් කමිටුව සිංහලයන් රැවටීමට සොයා ගෙන ඇති මහා සොයා ගැනීම මෙයයි“ – මහාචාර්ය චන්න ජයසුමන)

70%වැඩි බහුතර ජනගහනයක් භාවිතා කරන සිංහල භාෂාවට හිමි තැන අහිමි කර “සිංහල“ “දෙමළ“ භාෂා දෙකම රාජ්‍ය භාෂා කිරීමට යෝජනා වී ඇත. සුළුතර ජනගහනය 8/1ට වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද්වීභාෂා කොට්ඨාස ලෙස නම් කිරීමටත් ශ්‍රී ලංකාව බහු භාෂා, බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික සමාජයක් යැයි පිළිගැනීමට ලක් කිරීමටද යෝජනා වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා/ ශ්‍රී ලංකා තායේ“ වන්නේ යැයි සදහන් කර ඇත. පවතින ව්‍යවස්ථාවේ දෙමළ පිටපතේ “ශ්‍රී ලංකා තායේ“ යැයි සදහන් වුවද එය සිංහල පිටපතෙන් පිළිගැනීමකට ලක්කර තිබුණේ නැත.

හර්ෂණ PT බණ්ඩාර

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල අතුරු වාර්තාව – මෙතැනින්

Related posts

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

colombotoday

හින්දු කටයුතු ඇමති ලෙස මුස්ලිම් ජාතිකයෙක් පත්කිරීම් හින්දු ජාතියට කළ නිගාවක්

colombotoday

මන්ත්‍රීලාට පිටිකිරි වෙනුවට එළකිරි දුන්නාට, ජනතාව රැකෙන්නේ නෑ !

colombotoday

“නාමල් බේබිලාගේ වැඩ තව මාස 2කින් රටම දැනගනී.. හොරකම, දූෂණය අපි නතරකළා” – තලතා

colombotoday

“කවර ජාතිවාදී මරාගැනිල්ලක් වුව සේවය කරනුයේ මෙම දේශද්‍රෝහී ආණ්ඩුවේ බල පැවැත්මටයි“ – විමල්

colombotoday

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

colombotoday