Colombo Today Local NewsNew Constitution

ජනපති හොරාගේ අම්මාගෙන් පේන අහයි.. නාහිමිවරුනූත් හෑල්ලුවට ලක් කරයි !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් සැකසීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාවෙන් (ව්‍යවස්ථා දළ කෙටුම්පතෙන්) බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් වන බවත් ශ්‍රී ලංකාව සන්ධීය රාජ්‍යක් යැයි හැගවෙන පරිදි අර්ථ නිරූපණය කර තිබෙන බවටත් මහා නාහිමිවරුන්ගෙන් සැදුම්ලත් “බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලය“ ඊයේ නිකුත්කළ පුවත්පත් නිවේදනයේ සත්‍යතාවයක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ අම්පාරේ පැවති ආගමික උත්සවයකට සහබාගී වූ ඔහු කියා සිටියේ එවැනි දෙයක් අතුරු වාර්තාවේ සදහන් වනවාදැයි තමන් එම පුවත්පත් නිවේදනය දුටු වහාම, නව ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්නගෙන් විමසා සිටි බවයි. එම වාර්තාවේ එවැනි දෙයක් සදහන් නොවන බවත්, බුද්ධාගමට හෝ ඒකීය රාජ්‍යය ව්‍යුහයට නව ව්‍යවස්ථාවෙන් කිසිදු හානියක් නොවන බවට ජයම්පතී වික්‍රමරත්න සහතික වූ බවත්, කාගේ හෝ වැරදි පැහැදිළිකිරීමක් මත නාහිමිවරුන් ව්‍යවස්ථා අතුරු වාර්තාව සම්බන්ධයෙන් වැරදි අවබෝධයක සිටින බව හෙතෙම තමන්ට කියා සිටි බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ජයම්පතී වික්‍රමරත්න කිසි දිනෙක සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු නොවේ. “එක්සත් වාමාංශික පෙරමුණේ“ ප්‍රධානියෙකු වූ ඔහු දේශපාලන දර්ශනයෙන්ද බොදු විරෝධියෙකි. තම දේශපාලන ඉතිහාසය පුරා ඔහු පෙනී සිටියේ ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් වෙනුවෙනි. උතුරේ සන්නද්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔවුන් දැරූ මතවාදයද දෙමළ ජාතිවාදී දේශපාලනයට සමපාත විය. ජනාධිපති මෛත්‍රීපාල ව්‍යවස්ථාව ගැන පේන අහන්නේ එහෙව් ජයම්පතීගෙනි.

පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවට ආ  ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව මේවන තෙක් තමන්ට නොළැබුණු  බවද ජනාධිපතිවරයා එහිදී කීවේය. රටේ අනාගතයට බලපාන මෙතරම් තීරණාත්මක ලියවිල්ල  ජනාධිපතිවරයා කියවා තියා  ඇහින්වත් දැක නැත.  ජනාධිපති මෛත්‍රීපාල රටට වගකියන තරම මැනවින් පෙනේ.

“බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලය“ අතිපූජය ත්‍රිකුණාමලේ ආනන්ද නාහිමි,  මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි, ඇතුළු ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන්ද, ව්‍යවස්ථා විශාරදයන්, නීති විශේෂඥයන්, මහාචාර්යවරුන්, විද්වතුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකි. ජයම්පතී වික්‍රමරත්න හා ජනාධිපතිවරයා කියන ආකාරයට ඔවුන් ව්‍යවස්ථා වාර්තාව කියවා බලා තේරුම් ගැනීමට නොහැකි ලදරුවන් නොවේ. ග්‍රාමසේවකයෙකුට වඩා නම් උන්වහන්සේලා බොහෝ ඇසූපිරූ තැන් ඇත්තො වෙති.  ජනාධිපතිවරයා තමන්ගේ මට්ටමින් දැන උගත් ස්වාමීන්වහන්සේලා මැනීමනම් උචිත නැත.

නව ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලියේ පළමු ප්‍රසිද්ධ වාර්තාව වූ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ අන්තර්ගත පිළිබදව  බෙල්ලන්විල විමලරතන නාහිමියන් ප්‍රසිද්ධ සභාවක විවේචනය කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා කීවේ ඒවා යෝජනා පමණක් බවත් කිසිසේත් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවන බවත්ය. පසුගිය ජූලි 06 වැනිදා මහා නාහිමිවරුන්  හමුවූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමක් හෝ ඒ පිළිබදව මූලික අදහසක්වත් නොමැති බවයි.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වරින් වර කරන වගකීම් විරහිත දියාරු, විහිළු ප්‍රකාශ වලින්  තහවුරු වනුයේ ඒ සම්බන්ධයෙන් ඔහුගේ වගකීමක් හෝ මැදිහත්වීමක් සිදුනොවන බවයි.  ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අරක්ගත් බොදු විරෝධී, බෙදුම්වාදී කුළීකරුවෝ රටත් ජනතාවත් මෙන්ම ජනාධිපතිවරයාද ගොණාට අන්දවමින් සිටින බවනම් පැහැදිළිය. අන්දනවාටත් වඩා වේගයෙන් ජනාධිපතිවරයා ඉල්ලාගෙන ඇද ගැනීමක නිතරවන බවද ඔහුගේ ප්‍රකාශවලින්ම තහවුරු වේ.

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ නිවේදනය මෙැතිනින්

ජනාධිපතිවරයා ඇහින්වත් දැක නැති ව්‍යවස්ථා සම්පාදක කමිටු අතුරු වාර්තාව මෙතැනින්

Related posts

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වැසෙයි

colombotoday

නාගරික නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර පෙබරවාරි මාසයේ දී

Admin

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” උද්ඝෝෂණයට කඳුළු ගෑස්. තිලංග සුමතිපාල පැමිණ තත්වය සමතයකට පත් කරයි

colombotoday

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

colombotoday