Colombo Today Local News

ජවිපෙ විරෝධය නිසා මිලියන 540ක් රටට අහිමි වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීගේ විරෝධය නිසා කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය ටෙන්ඩරයෙන් රටට ලැබීමට තිබුනු මිලියන 540 ක මුදල අහිමිව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ප‍්‍රසිද්ද ටෙන්ඩර් කැදවීමක් මගින් පසු කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබල ද්‍රව්‍ය සදහා වූ ටෙන්ඩරය මිලියන 540 ක මුදලකට වැඩිම ලංසුව තැබූ මීරිගම ලංකා ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පසුගිය දා පිරිනමන ලදී. ඒ අනුව අදාල සමාගම විසින් එම ලංසු මුදල ගෙවූ පසු කන්තලේ සීනි සමාගම සතුව ඇති අබලි ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට අවස්ථාව ඔවුනට හිමිවේ.

මෙම ටෙන්ඩරය පිලිබදව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවර‍යෙකු ප්‍රකාශ කරන ලද්දේ අදාල ලංසු මුදල වූ මිලියන 540 කට වඩා කන්තලේ සීනි කර්මාන්තශාලාවේ අබලි ද්‍රව්‍ය තොගයේ වටිනා කමක් ඇති බවත් එම මුදලට එම අබලි ද්‍රව්‍ය තොගය ලබාදීමෙන් රටට විශාල මුදලක පාඩුවක් සිදුවන බවයි.

තවදුරටත් එම මන්ත්‍රීවර‍ය පැවසූවේ කන්තලේ සීනි සමාගමට ඉන්දියානු ආයෝජකයෙක් පැමිණියද ඔවුන් උනන්දු වන්නේද ආයෝජනය පසෙකලා කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට බවයි.

කෙසේ වෙතත් අදාල ටෙන්ඩරය පිරිනැමූ සමාගම 2017-09-29 දින ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවනු ලබන ලිපියක් මගින් ප්‍රකාශ කරන්නේ මිලියන 540 ක මුදලකට තම සමාගම මෙම අබලි ද්‍රව්‍ය තොගය ලබා ගැනීම මෙරට ජනතාවගේ දේපල කොල්ල කෑමක් ලෙස මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කිරීම නිසා උක්ත අබලි ද්‍රව්‍ය තොගය මිලදීගත හොත් තම සමාගමේ කීරිති නාමයට යම් හානියක් වන බවත් කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ටෙන්ඩරය තම සමාගමට ලබා දුන් අවස්ථාවේ සිට තම සමාගමට විවිධ බලපෑම්ද එල්ල වූ බවත්ය. ඒ අනුව උක්ත අබලි ද්‍රව්‍යය තොග ලබා ගැනීම සදහා තමන් මුදල් ආයෝජනය නොකරන බවත්ය.

වැඩිදුරටත් ඔවුන් පවසන්නේ තමන් මිලියන 540 ක මුදල ආයෝජනය කලද එහි සුරක්ෂිතතාවය පිළිබදව ගැටලු මතුවන බවත්ය. එනම් එම අබලි ද්‍රව්‍යය තොගය ඉවත් කර ගැනීමට යාමේදී උද්ගතවී ඇති තත්වය මත ගැටලු මතුවිය හැකි බවත්ය.

මෙහිදී අප චෝදනා කරන්නේ මිලියන 540 ක මුදලකට මෙම අබලි ද්‍රව්‍යය ටෙන්ඩරය පිරීනැමීමට බාධා කරන පාර්ශව උත්සහ කරන්නේ ඉතා අඩු මුදලකට මෙම අබලි තොගය ද්‍රව්‍යය වෙනත් පාර්ශවයකට ලබා දීමට බවයි.

ප්‍රසම්පාදන කාර්යය පටිපාටියට අනුව වැඩිම ටෙන්ඩර් ලංසුව තැබූ පාර්ශවය අදාල භාණ්ඩ ලබා නොගතහොත් දෙවැනි වැඩිම මුදල ලෙස ලංසු තැබූ පාර්ශවයට අදාල ටෙන්ඩරය පිරිනැමිය යුතුය. එහෙත් එම ලංසුව රජයේ තක්සේරැකරැගේ මුදලට වඩා වැඩි විය යුතුය. අපට දැන ගන්නට ලැබෙන ආකාරයට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබලි ද්‍රව්‍යය සදහා රජයේ තක්සේරැකරැගේ තක්සේරැ වටිනකම මිලියන 350 කි.මෙම ටෙන්ඩරයේ දෙවන වැඩිම ලංසුව මිලියන 440 කි .නීතියට අනුව අදාල ටෙන්ඩරය හිමි වියයුත්තේ එම දෙවන වැඩිම ලංසුව තැබූ පාර්ශවයටය

එහෙත් ආර්ථික කමිටුවේ යෝජනාවකට කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍යය තොගය ඉතා අඩු මුදලකට වෙනත් පාර්ශවයකට ලබා දීමට කටයුතු කල හොත් එයින් රටට වන පාඩුවට ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට සෘජුව වගකිවයුතුය

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

 

Related posts

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

පාස්කු ප්‍රහාරයට වගකියුත්තන්ට එරෙහිව කතෝලික පියවරු ශ්‍රේෂ්ඨධිකරණයට… අගමැති ඇතුළු 13කට චෝදනා…

colombotoday

ඇගිලි දෙකක් අහිමි වූ මහරගම පොලිස් ස්ථානාධිපති බැලීමට පොලිස් ඇමති රෝහලට

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

යහපාලන මාධ්‍ය නිදහස රෙද්දපල්ලෙන් බේරේ – සත්හඩ මාධ්‍යවේදීන් හතර වෙනි තට්ටුවට!!

colombotoday