Colombo Today Local News

හකීම්, බදුර්දීන්, මුස්තාපා මරා ගනී.. කැබිනට්ටුවේ ගාලගෝට්ටියක් !

ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා, රිෂාඩ් බදියුදීන් යන ඇමතිවරුන් අතර ඇති වූ මත ගැටුමක් නිසා එම හමුව දැඩි උණුසුම් කාරී තත්වයට පත්ව ඇත.

පලාත් සභා සිමා නිර්න කමිටුව පත්කර ඇති මුස්ලිම් නියෝජිතයකු සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවී තිබේ.

ඇමැති රවුෆ් හකීම් මහතා විසින් පලාත් පාලන හා පලාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා මහතාට චෝදනා කර ඇත්තේ සීමා නිර්ණ කමිටුව පත්කර ඇති මුස්ලිම් නියෝජිතයා දේශපාලනය කරන අයෙකු බවටයි. මුස්ලිම් නියෝජිතයා ගැන දැඩිව විවේචනය කරමින් හකීම් ඇමතිවරයා විසින් ඇමති මුස්තාපාට දැඩිව චෝදනා එල්ල කරද්දී චෝදනාවලට ඇමති ෆයිසර් මුස්තාෆා පිළිතුරු දී ඇති අතර ඇමති රිෂාඩ් බදියුදීන්ද ඇමති ෆයිසර් මුස්තාපාට සහාය පළ කරමින් අදහස් පල කර ඇත.

ඇමතිවරුන් තිදෙනා අතර මෙසේ ඇති වූ උණුසුම් විවාදය විවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී සමතයකට පත්කර තිබේ.

Related posts

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

“අපිව නවත්තන්න කාටවත් බෑ.. අර්ජුන් මහේන්ද්‍රන් හිරේ ඇරලයි පස්ස බලන්නෙ” – හදුන්නෙත්ති

colombotoday

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday