Colombo Today Local News

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව එම ධුරයෙන් පහකර තිබේ.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එලෙස ධූරයෙන් පහකර ඇති බව වාර්තා වෙයි.

ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය.

ඊට අමතරව ඔහුව ප්‍රාදේශීය සභාවේ සාමාජිකත්වයෙන් ද පහකර තිබේ.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.

නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday

ජනපතිගේ, අගමැතිගේ පුරාජේරු කුණු කූඩෙට.. අල් හුසේන් ලංකාවට විදෙස් විනිසුරන් එවයි !

colombotoday

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

colombotoday