Colombo Today Local News

ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රීට ආණමඩුව ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය පිරිණැමේ !

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ පළාත්සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට මෛත්‍රීපාල සිරිසේන මහතා ආනමඩුව ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.

ප‍්‍රියංකර ජයරත්න හිටපු රාජ්‍ය ඇමතිවරයා ආනමඩුව ආසනයේ ශ‍්‍රිලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ආනන්ද සරත් කුමාර ඊයේ එම තනතුරට පත් කරන ලදි.

ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය. මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු කීවේය.

Related posts

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

colombotoday

කසළ තේ තොගයක් වෙලම්බොඩදී අල්ලයි

colombotoday