Colombo Today Local News

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

වයස අවුරුදු 07 ක් වන එම්. එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය.

එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත.

තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිණි.

කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට එතුමා මඳකින්වත් පැකිළුණේ නැත.

නිලධාරින් යවා දැරිය තමා අසළට කැඳවූ ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසීය.

මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමා සමග පිළිසඳරක නිරත වූ දැරිය, තමා අතින් ඇඳි චිත‍්‍රයක් ද එතුමා වෙත පිළිගැන්වීය.

එපමණක් නොව එම චිත‍්‍රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාට කීවාය.

එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූයේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමිනි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

Admin

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

Admin

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට එයි

Admin

කාන්තාවන්ට පොලු මුගුරුවලින් තඩි බෑ ක්‍රයිම් OICට වැඩ වරදී

colombotoday