Colombo Today Local News

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

ප්‍රශ්නගත බැදුම්කර සිද්දියේ පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට සාක්ෂිකාරිණියක ලෙස කැදවූ අනීකා විජේසූරිය රට හැර යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.

අනිකා විජේසූරිය, ඇයගේ පියා සහ සොයුරන් දෙදෙනා අධ්‍යක්ෂවරුන් වන East West ප්‍රොපටීස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමියා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේෂන් සමාගමට අයත්ව තිබුණු කොටස් ඊයේ පෙරවරුවේ දී විකුණා දමා ඇතැයි කොටස් වෙළදපොල වාර්තා සැල කර සිටී. ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ටස් ඉන්කෝපරේෂන් යනු අනිකා විජේසූරියගේ පියා වන නහීල් විජේසූරිය එකම කොටස්කරුවා වන ආයෝජන ව්‍යාපාරයක් වන අතර, ඊයේ එම සමාගමේ අදාළ කොටස් ප්‍රමාණය අලෙවිකර ඇත්තේද ඉහත කී දරුවන් තිදෙනා වෙතටය. මෙහිදී අලෙවි වුණු සම්පූර්ණ කොටස් ප්‍රමාණය 88,345,235 කි. එයින් කොටස් 29,448,412 බැගින් වජිර සහ විජිත යන සොහොයුරන් විසින් මිල දී ගෙන තිබෙන අතර කොටස් 29,448,411 ක් අනිකා විසින් මිල දී ගෙන තිබේ.

ඒ අනුව මෙය පවුලේ සාමාජිකයන් අතරම සිදුවූ ව්‍යාපාරික ගණදෙනුවක් වන අතර, මෙම ගණුදෙනුවට ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබෙන්නේ අනිකා විජේසූරිය බැදුම්කර කොමිසමේ සාක්ෂිකාරිණියක් වීම නිසාය. එමෙන්ම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියෙකු වන ශනිල් නෙත්තිකුමාර නමැති අයෙකු අනිකා විජේසූරිය මහත්මියට සිදුකල තර්ජන හේතුවෙන් ඇය ජීවිතාරක්ෂාව පතා රටින් පිටවී ඇති බව බැදුම්කර කොමිසමේ නිලධාරීන් විනිසුරු මඩුල්ල වෙත දන්වා තිබේ.

අනිකා විජේසූරිය මහත්මියට තර්ජණය කළ බව කියන කැසිනෝ ශාලා හිමිකරුවෙකු වන ශනිල් නෙත්තිකුමාර සහ ඇය අතර මිත්‍රත්වයක් පැවති ඇති අතර ඔවුන් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මේ වන විට විරසකව සිටින බවද සමීප ආරංචි මාර්ග පවසයි. හිටපු ඇමතිවරයා සහ ශනිල් නෙත්තිකුමාර අතර ඥාති සම්බන්ධතාවයක් නොමැති බවද පැවසේ. ශනිල් නෙත්තිකුමාර විවාහ ගිවිසගෙන සිටින්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ දියණිය සමග වන අතර, ඔහුගේ සොයුරිය විවාහ වී සිටින්නේ එස්.බී. දිසානායක ඇමතිවරයාගේ පුත්‍රයා සමග බවද වාර්තා වේ.

Related posts

මුස්ලිම් පල්ලිවලට කඩු කිනිසි ගෙනාවේ සුසාන භූමිවල කැලේ කපන්න – මුස්ලිම් කටයුතු ඇමතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්

colombotoday

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

ජන සටනට එජාපයෙන් කොක්කක්… 28 දා එජාප පාක්ෂිකයන් තොගයක් නුවරට කැදවයි !

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

පාර්ලිමේන්තුවේ උගතුන් 50ක්වත් හිටියානම් මේ රට හැදිය හැකියි – ජනපති

colombotoday

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin