Colombo Today Local NewsNew Constitution

කෝට්ටේ සංඝ සභාවත් අලුත් ව්‍යවස්ථාවක් එපා කියයි ! (Video)

මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ, කෝට්ටේ රජමහා විහාරයේ දී එම සංඝ සභාවේ කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූහ.

‘‘කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාව රැස්වී ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළා. මෙහි ඇති සමහර දේවල් ගැන අපි පොදුවේ ප්‍රකාශයක් කරනවා. අපේ සංඝ සභාව ඒකමතිකව තමයි දැනට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත ඉවත් කළ යුතුයි කියන්නේ.

මහා නායක හිමියනුත් අපේ ඒකමතික තීරණයට අනුමැතිය දෙනවා. සංඝ සභාවේ තීරණයක්. අපිට දේශපාලනයක් නෑ. රට පිළිබඳ ප්‍රශ්නයක් ආවාම අපේ මතය මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. අපි පැහැදිලිවම කියනවා මේක කෙටුම්පතක්වත් පනතක්වත් නොවන බව දන්නවා. නමුත් කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මේ තියෙන්නේ. හදන්න ඉස්සරවෙලා අපේ අදහස් පළ කළේ ඒවා ප්‍රයෝජනයට ගන්න. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ.

උතුරු නැගෙනහිර පළාත්වල සිටින ජනතාවට තිබෙන ප්‍රශ්න ගැටලු වෙනම අප විසඳිය යුතුයි. ඒක කවුරු බලයේ හිටියත් කළ යුතුයි. ඒක ව්‍යවස්ථාවේ වාක්‍ය දෙක තුනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප්‍රශ්න විසඳන්න කියලා ව්‍යවස්ථාවක් හදන්න ගියොත් තව ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. රටේ තව කොතෙකුත් ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථාවේ අඩු පාඩු තිබෙනවානම් ඒවා හදගත යුතුයි.‘‘ යැයි ද උන්වහන්සේ කීහ.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday

අයි.එම්.එෆ් ණය මුදල් ලැබෙන්න නිශ්චිත කාලයක් නෑ

colombotoday

ප්‍රබල ඇමති බිරියට බැදුම්කර බෑණාගෙන් ‘රේන්ජ් රෝවරයක්‘ තෑගි !

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday