Colombo Today Local News

ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කෙරේ

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත උපදෙස් ලබා දෙමින් 01 වැනිදා නව චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

කොවිඩ් -19 වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

තවද, කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන ණය සහන,මෙම නවතම චක්‍රලේඛනය යටතේ ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන ලබා දිය හැකි බව ද මහ බැංකුව වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත දන්වා ඇත.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු යළිත් වර්ජනයක් අරඔයි

colombotoday

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

යාපනය, අරසඩිහි අඩියේ සාද දැමූ 5ක් රිමාන්ඩ්.

colombotoday

“අපි දෙන්න දැන් හොදට ගැළපෙනව“ – රතන හිමි සමග රාජිතත් එක්වෙයි

colombotoday

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday