Colombo Today Local NewsNew Constitution

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

පසුගිය රජය පෙරලා දැමීම සඳහා යුරෝපීය රටවල් දෙකක අනුග්‍රහයෙන්, 2013 වසරේදී සිංගප්පූරුවේදී පැවැත්වූවායැයි කියන සාකච්ඡාවකදී මංගල සමරවීර, සුමන්දිරන්, ජයම්පති වික්‍රමරත්න, තමිල්මාරන් (කොළඹ නීති පීඨයේ පීඨාධිපති ) ඇතුළු පිරිස මහින්ද ආණ්ඩුව පෙරළා දැමීමට කොන්දේසි වශයෙන් එකඟවී ඇති ‘සිංගපුරු සම්මුතිය’ යනුවෙන් හැඳින්වෙන කරුණු දහය ටැමිල් නෙට් අඩවියේ වාර්ථාවන්නේ මෙසේය.

1. In describing the nature of the State what is important is the substance; the labels are secondary.

2. The Constitution shall be based on basic constitutional principles and values including sovereignty of the people, participatory democracy and supremacy of the Constitution which shall form an unalterable basic structure.

3. Power sharing shall be on the basis of self-rule and shared-rule within an undivided Sri Lanka.

4. The Executive Presidency shall be abolished and the form of government shall be Parliamentary.

5. The pluralist character of Sri Lankan society as well as identities and aspirations of the constituent peoples of Sri Lanka shall be constitutionally recognized.

6. There shall be a strong and enforceable Bill of Rights consistent with universally accepted norms and standards.

7. There shall be a separation of powers and an independence of judiciary which includes a Constitutional Court.

8. Important institutions shall be independent and accountable. Appointments to these and High Posts shall be through a transparent mechanism that provides for a national consensus, example Constitutional Council.

9. Institutions of the State shall reflect the pluralist character of Sri Lankan society.

10.The Republic of Sri Lanka shall be a secular state. The Foremost place to Buddhism and equal status to other religions shall be assured.

පරිවර්ථනය :

1. රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වඩා වැදගත් වන්නේ භාවිත කරන ලේබල නොව අන්තර්ගතයයි.

2. ජනතාවගේ ස්වාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය හා ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය මූලික ව්‍යවස්ථාපිත මූලධර්ම හා සාරධර්ම වලට ඇතුලත් විය යුතුය.

3. බලය බෙදීම සිදුවිය යුත්තේ නොබෙදුනු රටක් තුල ස්වයන් තීරණ අයිතිය හා පොදු අයිතීන් පිලිගනිමිනි.

4. විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතුය වන අතර ආණ්ඩුවේ ස්වරූපය පාර්ලිමේන්තුව ක්‍රමය විය යුතුය.

5. ශ්‍රි ලාංකීය සමාජයේ බහුවිධ ස්වභාවය සහ ශ්‍රි ලංකාවේ විවිධ ජන කොටස්වල අන්‍යයතාවයන් සහ අභිලාෂයන් ව්‍යවස්ථානුකූලව පිළිගත යුතුය.

6. මානව අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තරව පිලිගත් ප්‍රමිතියවලට අනුකූල වන ආකාරයේ බලගතු නීති පද්ධතියක් තිබිය යුතුය.

7. බලය බෙදනු ලබන අතර ස්වාධීනවූ අධිකරණ පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයකින්ද සමන්විත වනු ඇත.

8. වැදගත් රාජ්‍ය ආයතන ස්වාධීන මෙන්ම වගවිය යුතු ය. එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වැන් උසස් තනතුරු සඳහා පත්කිරීම් ජාතික සම්මුතියක් මත විනිවිද පෙනෙන යාන්ත්‍රනයක් හරහා සිදු විය යුතුය.

9. රාජ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ ලාංකික ජන සමාජයේ බහුවිධ ස්වභාවය පිළිබිඹු කළ යුතුය.

10. ශ්‍රි ලංකා ජනරජය අනාගාමික රාජ්‍යක් විය යුතුය. බුද්ධාගම සඳහාවූ ප්‍රමුඛ ස්ථානය මෙන්ම අනිකුත් ආගම්වලට සම තත්ත්වයක සැලකීමද සහතික විය යුතුය.

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති අතුරු වාර්තාවේ ඉහත කාරණා අන්තර්ගතවීම වීම අහඹු සිදුවීමක්ද ?

ආචාර්ය නාලක ගොඩහේවාගේ ෆේස්බුක් පිටුවෙන්

සිංගප්පූරු සම්මුතිය පිළිබද “ටැමිල්  නෙට්“  වාර්තාව මෙතැනින්

Related posts

නායකත්වය සමග ගැටී කවුරුත් දිනුවේ නෑ – රනිල් එජාප පොඩ්ඩන්ට කියයි

colombotoday

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

රුපියෙලේ අගය ඉහලට

colombotoday

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

colombotoday

මඩකලපුවේ හාමුදුරුවන්ට විහාරස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්

Admin

පෝස්ටර් ගසා, ජනපතිගේ පරමාදර්ශය කෙළෙසන අයට සමාජ ජාලාවල බලු බැණුම්…

colombotoday