World

ඉස්ලාම් ත්‍රස්ත භීතිකාව නිසා ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසියි !

විදේශිකයන්ට ඇමරිකාවට සංක්‍රමණය වීම සඳහා අවසර ලබා දෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් තීරණය කර ඇත.

මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය 31 වෙනිදා නිව්යෝර්ක් හි මෑන්හැට්න් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සයිෆුල්ලෝ සයිෆර් නම් විසිනම හැවිරිදි පුද්ගලයා ග්‍රීන් කාඩ් ලොතරැයිය මඟින් ඇමරිකාවට සංක්‍රමණය වූවකු වීමය.

උස්බකිස්තාන ජාතිකයෙකු වන ඔහු ඇමරිකාවට සංක්‍රමණය වී ඇත්තේ 2010 වසරේය.

1995 වසරේ අරඹන ලද ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා වාර්ෂිකව ලොව පුරා මිලියන දාහතරක් අයදුම් කරන බව පැවසේ. ඒ වෙනුවට විදේශිකයන්ට ඇමරිකාවට සංක්‍රමණය වීම සඳහා වෙනත් සුදුසු ක්‍රමයක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු යොදන බව පැවසේ.

Related posts

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

ජනපති වීදුරු කුටියේ ඉද්දී අගමැති දිවුරුම් දෙයි

colombotoday

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

Admin

සුඩාන අගමැති ඉවත්වෙයි

colombotoday