World

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මුල් කර ගනිමින් වොෂින්ටනය සහ ‘ප්යෝන්ග්යෑන්’ පාලනය අතර වාග් සංග්‍රාමය යළි කරළියට පැමිණ ඇත.

මෙවර විශේෂත්වය වන්නේ එම වාග් සංග්‍රාමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයක නිරත වෙමින් සිටියදී යළි මතු වීමයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘මහලු යුද වැද්දකු’ ලෙස හඳුන්වා දී ඇත.

ඒ අතරම, සිය න්‍යෂ්ටික ව්‍යාපෘතිය නතර නොකරන බවත් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා අවධාරණය කරයි.

ඊට පිළිතුරු සපයමින් ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ට්‍රම්ප්, ඔහු විසින් කිම් ජොන් අන් ‘තරබාරු මිට්ටකු’ ලෙස කිසිවිටක හඳුන්වා නැති අතරවාරයේ තමාට ‘මහල්ලකු’ ලෙස සරදම් කරන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරයි.

තවදුරටත් අදහස් දක්වන ඇමෙරිකානු ජනාධිපතිවරයා තමා උතුරු කොරියානු නායකයාගේ මිතුරකු වීමට දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින අතර ඇතැම්විට අනාගතයේ දිනයක එය පල දැරීමට ඉඩකඩ ඇති බවත් සඳහන් කරයි.

එහෙත් ඔහු වරක් කිම් ජොන් අන් ‘පිස්සකු’ ලෙසත් තවත් වරෙක ‘පුංචි රොකට්කාරයා’ ලෙසත් හඳුන්වා දී තිබුණි.

Related posts

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

colombotoday

ප්‍රංශය පරදා ඉන්දියාව ඉදිරියට එයි.. ලෝකයේ ආර්ථික බලවතුන් හයදෙනා මෙන්න

colombotoday

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

colombotoday

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

ඉස්ලාම් අත්හල සෞදි තරුණිය ට්වීටර් පිහිටෙන් දිවි බේරාගත් හැටි….

colombotoday