Colombo Today Local News

අගමැති බැදුම්කර කොමිසමට එන දා එජාපයෙන් කොළඹ විරෝධතා !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින එළඹෙන සදුදා දින කොළඹ නගරය තුළ විරෝධතාවක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව ආරංචි මාර්ග සදහන් කරයි.

ලබන සදුදා (20) බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (16) කොමිසම විසින් දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමට එරෙහිව විරෝධතා පැවැත්වීම ජනාධිපතිවරයාට එරෙහිව සිදුකරන විරෝධතාවක් ලෙස සැළකිය හැකිවේ.

බැදුම්කර නිකුතුවේදී සිදුවූ මහා මූල්‍ය වංචාව පිළිබදව විමර්ශනය කිරීම සදහා ජනාධිපති කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් එම ගනුදෙනුවට සම්බන්ධ වූ පිරිස් සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමන් සමග විරසක වී ඇති බව පසුගිය දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණයේදී ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin

විදුලි පහන් සංඥා නොතකා ආ බස්යක් ලොරි‍යක ගැටී පෙරලෙයි

Admin

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

colombotoday

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday