Colombo Today Local News

“ජඩමාධ්‍යවේදියෙක් වෙනුවට ජනමාධ්‍යවේදියෙක්” වෙන හැටි ඥාණසාර හිමි චන්ද්‍රප්‍රේමට කියා දෙයි !

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා අතර යම්කිසි කතා බහක් ඇතිව තිබෙනවා.

ඒ ඊයේ (19) පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ට අවසන් ගෞරව දැක්වීම සදහා ඥාණසාර හිමියන් නාරම්මල අවමගුල් නිවෙසට ගොස් සිටියදී චන්ද්‍රප්‍රේම මහතා හමුවූ අවස්ථාවේදීයි.

2014 ජූනි මස අලුත්ගමදී භික්ෂූන් වහන්සේට සහ සිංහල ජනතාවට එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය කරුණු විකෘති කර ඥාණසාර හිමියන්, බොදු බල සේනාව සහ සිංහල ජනතාව මත වරද පටවා මුස්ලිම් අන්තවාදය සාධාරණීකරණය කරමින් සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් “දිවයින” පුවත්පතට ලියන ලද ලිපි මාළාවක් සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් ඔහුට විරෝධය පළකර තිබෙනවා.

දේශපාලන අරමුණු සහ මුදල් වෙනුවෙන්, සත්‍ය විකෘති කර ජනතාව මුළා කර ජඩමාධ්‍යකරණයේ නොයෙදෙන ලෙසයි කරුණු පැහැදිළි කරමින් ඥාණසාර හිමියන් ඔහු සමග ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය.

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

colombotoday

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday

ප්‍රභාකරන් මළ දා පළාත් කොඩිය අඩකුඹු කරන්නැයි උතුරේ සියලු පාසල්වලට නියෝග කරයි

colombotoday

බොගස්වැව යුධ හමුදා කදවුරේ සෙබලාට පහරදි ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

colombotoday