Colombo Today Local News

ශ්‍රී ලංකා ජාතික කොඩියේ වෙනසක් විය යුතුයි – TNA මන්ත්‍රී කියයි

රටම පිළිගෙන ඇති ජාතික ධජයට ගෞරව කිරීම හා පිළිගැනීම සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් වුවත් ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.

එමෙන්ම ජාතික කොඩිය ගැන විවේචන ඇතත් එය පිළිනොගෙන සිටිය නොහැකි බව පෙන්වා දුන් සිද්ධාර්ථන් මහතා එම ධජය පිළිගැනීම හෝ නොපිළිගැනීම එකිනෙකාගේ කැමැත්ත බවද සඳහන් කළේය.

වව්නියාව සිංහල විද්‍යාලයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

ඇමති අකිල රජයේ මුදලින් එක්ලක්ෂ තිස්දාහක ‘ටැබ්’ එකක් අරන්. ගත්තේ ඊමේල් බලන්නලු

colombotoday

ශ්‍රී ලංකාව අයි.එස්. මෙහෙයුම් ක්‍රියාත්මක රාජ්‍යයක් වෙයි.

colombotoday

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

colombotoday

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7ක් රෝහලේ…

Admin