Colombo Today Local News

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

මහබැංකු බැදුම්කර වංචාව පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (20) කැදවූ අගමැතිවරයාගෙන් කොමිසම විනාඩි 90ක් පමණ ප්‍රශ්න කළේය.

කොමිසමෙන් පිටව යන අවස්ථවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා සදහන් කළේ රටට වී ඇති හානිය පැහැදිළි කිරීමට තමන් අවස්ථාව ලැබුණු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“කොමිසමේ සභාපතිවරයාට ස්තුතිවන්ත වෙනවා මට එම අවස්ථාව ලබාදීම සම්බන්ධව.මට අද හුඟක් කරුණු පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.අපේ ආර්ථික ප්‍රතිපත්තිය, රටේ වෙලා තියෙන හානිය ඇතුළු සියල්ලම මට මෙතනදි පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.මමත් අපේ පක්ෂයේ සභාපතිතුමාත්, ලේකම්තුමත්, ඇමතිවරුත් කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා.

එජාපයේ ඇමතිවරුන් 30කට වැඩි පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

යහපාලන ජනපතිට වසරයි.. අද හෙට සැමරුම්

colombotoday

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday