Colombo Today Local News

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රාජ්‍ය අමාත්‍ය ධුර 3ක් ලබා දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

පුත්තලම් දිස්ත‍්‍රික් සන්ධාන මන්ත‍්‍රී පි‍්‍රයංකර ජයරත්න මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා පුරප්පාඩු වී ඇති එම ධුරය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි වූ ගාලූ දිස්ත‍්‍රික් සන්ධාන මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුර පුරප්පාඩුවට පත් කළ පියසේන ගමගේ මහතාට ලබා දීමට නියමිතය.

ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට හා ඊපීඞීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවා නන්ද මහතාට ද රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීම කෙරෙහි ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව ද පැවසේ.

Related posts

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

ගසකට යටවී දරුවෙකු ජීවිතක්ශයට

Admin

කෝටියක රත්‍රන් පපුවේ අලවගෙන ආ කතක් කටුනායකදී අල්ලයි

colombotoday

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin

රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

colombotoday

මාධ්‍ය සාකච්ඡා තියා නැති ලෙඩ දාගන්න බෑ – මට වඩා භයානක කතා කියූ දේශපාලකයන් ඉන්නවා – විජයකලා කියයි

colombotoday