Colombo Today Local News

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

ගිංතොට සිද්ධියේ දී පොලිසියත් ගම්වැසියනුත් අසමත්ව ඇතැයි ද වළක්වාගත හැකිව තිබූ ගැටුමක් වළක්වා ගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්වී ඇතැයි ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) ගාල්ල නගර සභා ශාලවේ දී ගිංතොට ගැටුම සිදුවූ ගම්මානවල ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා පැවැති රැස්වීමේ දී අදහස් දක්වමිනි.

පොලිස්පතිවරයා කියා සිටියේ මේ ගැටුමේ දී සමස්ථ සිද්ධීන් 116ක් වාර්තා වී ඇති බවයි. ඉන් නිවාසවලට හානි වූ සිද්ධි 74ක් වාර්තාවන බව ද ඔහු කීවේය. ඊට අමතරව වෙළෙඳ සැල් 16ට අලාභ හානි සිදුව ඇති බවත් ත්‍රී රෝද රථ හයක් ලොරියක්, වෑන් රථයක් හා යතුරුපැදි තුනක් හානියට පත්ව ඇති බවත් දේපළ සොරකම් කිරීම් අටක් වාර්තාවන බවත් පොලිස්පතිවරයා කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති.

Related posts

බෝධිසත්වයෙකු වෙස් ගත් පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

Admin

විවේචනය ගැන ජනපති කනස්සල්ලෙන්… සුජීව සේනසිංහ ඇමතිකමෙන් දොට්ට !!!

colombotoday

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි !

colombotoday

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday