Colombo Today Local News

යහපාලනයේ නිර්වචනය ඕනෑම තක්‌කඩියකුගෙන් සිංහලයා ගුටි කෑමද? – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

කිසිවකු හෝ සිංහලයාව භීතියට පත්කරන්න පැමිණෙනවා නම් එය ඔවුන් කරගන්නා බරපතළ වරදක්‌ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

කිසිවකුගේ තක්‌කඩිකම්වලට සිංහලයා බිය නොවන බවත් උන්වහන්සේ කීහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (21 වැනිදා) එම අදහස්‌ පළ කළේ අංක 615, නාවල පාර, රාජගිරියේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

ප්‍රචණ්‌ඩත්වය හෝ ගැටුම් ප්‍රශ්න නිරාකරණයට මාර්ගයක්‌ නෙමෙයි නමුත් සිංහලයන්ට නිරපරාදේ ගුටි කන්න, බැනුම් අහන්න, අපකීර්තියට ලක්‌වෙන්න සහ හිරේ යන්න බැහැ.

පසුගියදා වූ ගිංතොට සිදුවීම ඇතැම් අය දේශපාලන වාසි වෙනුවෙන් භාවිත කරන්න උත්සාහ කළා. අපි ඒ ප්‍රදේශයට ගියා. එහි තත්ත්වය හොඳ නැති බව අපි දැක්‌කා. නමුත් අපි එය ගැටුමකට යන්න නොදී බේරාගත්තා.

ප්‍රශ්නවලින් ප්‍රශ්න විසඳා ගන්න නොහැකි නිසා අපි එහෙම කටයුතු කළත් කිවයුතු දෙයක්‌ තිබෙනවා. මේ විදිහට යන විට මුස්‌ලිම් පිරිස්‌ වැඩි ප්‍රදේශවල රිය අනතුරක්‌වත් සිදුවන්න බැහැ. මාලිගාවත්ත, අකුරණ, ගම්පොල, දර්ගා නගරය, ගිංතොට ප්‍රදේශ හරියට මුස්‌ලිම් ජනතාවගේ අධිආරක්‍ෂිත කලාප වගේ. ඒ ප්‍රදේශවල මිනිස්‌සුන්ට පාරේ යන්න බැරිවෙලා.

ගිංතොට මුස්‌ලිම් වෙළෙඳසල් අසල “නෝ පාර්කින්” කියා ඔවුන් විසින්ම පුවරු ගසා තිබෙනවා. ඒ වගේම පල්ලි අසල නිශ්ශබ්ද වෙනු කියා පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇත්තටම මේවට අවසර දුන්නේ කවුද? ඔවුන්ට ඕන ඕන ලෙස මේ රටේ නීති වෙනස්‌ කරන්න පුළුවන්ද?

මාධ්‍යවල පළ නොවුණට ගිංතොට සිදුවීම් වගේ සිදුවීම් බොහෝ තැන්වල සිදුවෙනවා. අපි මේ ගැන අවධානයෙන් සිටියත් නිතර නිතර මාධ්‍යයට නොකියන්නේ තව තවත් ප්‍රශ්න දාගන්න බැරි නිසයි. පාලකයෝ මේ ගැන බලන්න ඕනෑ. අපි මෛත්‍රීගෙන්, රනිල්ගෙන් කුට්‌ටියක්‌ අරන් නිහඬවෙලා කියලා සමහරු අපට චෝදනා කරනවා. නමුත් පාලකයෝ කරන්න ඕන දේවල් හැම දේම අපට කරන්න බැහැ. මේ පාලකයෝ අපට ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.

අපි එක දෙයක්‌ මුස්‌ලිම් ප්‍රජාවට කිව යුතුයි. මෙය රට ගැන කැක්‌කුමක්‌ ඇති සිංහල ජාතිය සමඟ සාමයෙන් සමගියෙන් සිටින මුස්‌ලිම් ජනතාවට අදාළ නැහැ. ඔබ අපිව භීතියට පත් කරන්න හදනවා නම් එය ඔබලා කරගන්නා ලොකු වරදක්‌ බව පැහැදිලිව කිව යුතුයි. මොකද අපි කිසිවකුගේ තක්‌කඩිකම්වලට බිය පිරිසක්‌ නොවෙයි.

ගිංතොට සිදුවීමේදී වජිර, මනූෂ ඇමැතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක්‌ ලොකු කැපකිරීමක්‌ කළ බව සිහිපත් කළ යුතුයි. කොළඹින් ගිව මෘග්ද තක්‌කඩි එම ප්‍රදේශයේ ගිනිජාලාවක්‌ කරන්න හදද්දි ඔවුන් ප්‍රදේශයේ සාමය සඳහා ලොකු කැපකිරීමක්‌ කළා. මේ ගැන මම කතා කරන්නේ නැවත ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි. ඇත්ත ජනතාව දැනගත යුතුයි.

යහපාලනයේ හරි නිර්වචනය කුමක්‌දැයි කියා රජය පැවසිය යුතුයි. සිංහලයා ඕනෑම තක්‌කඩියකුගෙන් ගුටි කෑම යහපාලනයේ නිර්වචනය ද කියා අප රජයෙන් විමසනවා.

මාස කිහිපයකට කලින් යොදාගත් බණක්‌ අද (21 වැනිදා) අලුත්ගම තිබෙනවා. එම බණට වඩින්න එපා කියලා ආරක්‍ෂක අංශ, මැති ඇමැතිවරු සහ බොහෝ පිsරිසක්‌ හැම තිස්‌සෙම කතා කර කර අපට කියනවා. මේක හරි පුදුම වැඩක්‌ නේ. කලින් යොදාගත් බණකට වඩින්නත් අවසර ගන්න වෙලා. මෙහෙම ගියොත් භික්‍ෂූන් වහන්සේලාට දළදාව වඳින්නත් ආරක්‍ෂක අංශවලින් අවසර ගන්න වේවි.

ගිංතොට සිදුවීම 83 කළු ජූලිය කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. මේ තුළින් බැඳුම්කරය, ව්‍යවස්‌ථාව යන අර්බුද යට ගස්‌සවන්න ඉඩ දෙන්න බැහැ.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන සැවොම රවටාගෙන රට විනාශ කරනවා. මෙය තවදුරටත් කරන්න දෙන්න බැහැ. අපි ඔහුට කියනවා දැන් නවතින්න කාලය හරි බව. විල්පත්තුව කපන එක වහා නතර කළ යුතුයි. මුස්‌ලිම් මිනිසුන්ට නිවාස අවශ්‍ය නම් කැලෑ නොකපා එපාර්ට්‌මන් කිහිපයක්‌ ගොඩනැඟුවා නම් ප්‍රශ්නය ඉවරයි නේ.

මෙම මාධ්‍ය හමුවේදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා ද අදහස්‌ දැක්‌වීය.

සිරිමන්ත රත්නසේකර

Related posts

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday

හිජාස් හිස්බුල්ලා – මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්දැමේ

colombotoday

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. “

colombotoday

වත්තල හේකිත්ත කතෝලික දේවස්ථානය අසළ සිටි සැකකටයුතු මුස්ලිම් ජාතික යුවලක් අත්අඩංගුවට

colombotoday