Colombo Today Local News

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

ඇමරිකානු ඩොලර් මිලියන සියයක් වටිනා අති නවීන ගෙපාර්ඩ් 5.1 වර්ගයේ යුද නෞකාවක් රුසියාවෙන් මිලදී ගැනීමට දෙසැම්බර් 31 වැනිදාට පෙර ඇනවුම් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මෙම යුද නෞකාව වසර 50ක 60ක අතර කාලයක් මුහුදේ සිට අප රට ආරක්ෂා කිරීමට හැකි නෞකාවක් බවද ඇමතිවරයා පවසයි. අපගේ අනන්‍ය ආර්ථික කලාපය ආරක්ෂ කිරීම, ත්‍රස්ත ප්‍රහාර සහ මුහුදු කොල්ලකරුවන්ගෙන් නාවික ගමනාගමන කටයුතු ආරක්ෂා කිරීම, සෝදිසි මෙහෙයුම් සහ ආපදාවට ලක්වූවන් ගලවා ගැනීම, ඉහළ වටිනාකමකින් යුතු වෙනත් නෞකාවල උපරිම ආරක්ෂාව ලබාදීම මෙම නවීන යුද නෞකාව මිලදී ගැනීමට හේතු වී ඇති බව ද හෙතෙම පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රුසියාවෙන් යුද නැවක් මිලදි ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිවුණු අතර, එම ගනුදෙනුව පිටුපස මෙරට විද්‍යුත් මාධ්‍ය ජාලයක ප්‍රධානියෙක් සහ රජයේ ඉහළම තැනක ඥාති පුත්‍රයකුගේ සබදතාවක් ගැන කියවිණි. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වූයේ ද මෙම නෞකා ගනුදෙණුවට ඔහු විරෝධය පලකිරීම නිසා යැයිද වාර්තා පලවිය.

Related posts

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin

අත් පා ගැටගැසූ කතක් පාළු මගක් අසල දමා ගිහින්

colombotoday

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

අනුමැතිය අවශ්‍යනම් උතුරු පළාතේ ආරක්ෂක අංශ ඉදිකර ඇති රණවිරු ස්මාරක කඩා බිඳ දාන්න වෙනවා. | සුමන්තිරන්

colombotoday

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

colombotoday

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday