Colombo Today Local News

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවය.

එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “ජනවාරි 22 වනදායින් පස්සේ මේ රටට එන සියලු වාණිජ ගුවන් යානා සඳහා එන්න අවස්ථාව ලබාදෙන්න අපි බලාපොරොත්තුවෙනවා. ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රට විවෘත කළ යුතුයි,” යනුවෙනි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවර ගැනීම ගැටලුවක් නොවන බවය.

“සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් සපයනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මණින් නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව තියෙනවා. නමුත් අපි එය සිදුකළ යුත්තේ කොවිඩ් -19 වසංගතයේ ආසාදිතයින් අපේ රටතුළ නිදැල්ලේ හැසිරීමට අවස්ථාවක් නොලැබෙන ආකාරයෙන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

Related posts

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday

අප්‍රේල් 20 වනදා තෙක් වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් – දැඩි අවධානයෙන් සිටින්න

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

colombotoday

ප්‍රභාකරන් හිටියානම් හොදයි.. උතුරේ අය මා එක්ක කියනවා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday