Colombo Today Local NewsUncategorized

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද (04) දින ආරම්භ කර තිබේ.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අද දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන නිල වශයෙන් භාවිත කළේය.

කොවිඩ් -19 වැනි වසංගත අවස්ථාවන්වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබාදීම මෙහි ප්‍රධානතම අරමුණ වෙයි.

ඩිජිටල් අත්සන යනු ISO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්‍ෂිත, පහසු හා ලාභදායී විසදුමක් වන අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමක් බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි, ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Related posts

බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්

colombotoday

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

Admin

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

Admin

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

colombotoday

“තම හමුදාව එරෙහිව බොරු සාක්ෂි දුන් එකම ෆීල්ඩ්මාර්ෂල්..” ෆොන්සේකා ඉතිහාසගතවෙයි !!

colombotoday