Colombo Today Local News

තාජුඩින්ගේ දුරකථන ඇමතුම් හා SMS වැඩිදුර විමර්ශනයට

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩින් මියයාමට ආසන්න අවස්ථාවේ දී පාවිච්චි කළ ජංගම දුරකථනයේ පටිගත වි ඇති සැකසහිත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (30) වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජේරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දුන්නේය.

මෙසේ කරන ලද විමර්ශනයේ දී පුද්ගලයන් 10දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්විය.

රහස් පොලිසියේ මෑතකාලයේ දී ස්ථාපිත කළ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා (NSK/UPED) මෘදුකාංග භාවිත කරමින් නොකියා 7 ජංගම දුරකථනයේ වර්ෂ 2012 /1/1 සිට 2015/8/3 කාලය තුළ දී පටිගත වි ඇති දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට හා රහස් පොලිසියේ මිනි මැරුම් අංශයට පිටපතක් ලබා දෙන ලෙසට ඉකුත් 8 වන දින නියෝගයක් නිකුත් කර තිබිණ.

1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව රහස් පොලිසිය මෙම ඉල්ලිම අධිකරණයෙන් සිදු කර තිබිණ.

බගවන්තලාව ගලන්කෝවත්ත පදිංචි වර්ධරාජා රාජ් බර්ති නොහොත් අච්චි නැමැත්තා භාරයේ තිබි වර්ෂ 2015/8/3 දින මෙම දුරකථනය සොයා ගෙන තිබු අතර 2015/9/9 නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය වෙත බාර දී ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

Related posts

අප්‍රිකානු ජනතාවගෙන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටි

Admin

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

colombotoday

මුව අවාරණ නැතිව විල්බැරෝවෙන් සුපර් මාකට් ගිය හොමඩ් අජ්වාද් අත්අඩංගුවට

colombotoday

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

colombotoday

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

colombotoday

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි අත්හිටුවයි

colombotoday