Colombo Today Local NewsWorld

ජාත්‍යන්තර අධිකරණයට යටත් නොවූ ක්‍රෝෂියානු හමුදා ජෙනරාල් අධිකරණයේදීම වස බී දිවි නසාගනී (Video)

ක්‍රෝෂියානු හමුදාවේ හිටපු හමුදා ජෙනරාල් Slobodan Praljak ඔහුට එරෙහිව එල්ල කර තිබූ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය නියම කළ දඩුවමට යටත් නොවී, නොවැම්බර් 29 අධිකරණයේදීම වස පානය කර සියදිවි නසාගෙන තිබේ.

Slobodan Praljak ක්‍රෝෂියානු හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකි. සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිද්ධීන් සහ මොට්‌සාර් පැරණි පාලම විනාශ කිරීම යන චෝදනා එල්ලවූ Slobodan Praljak ට හේග්හි ජාත්‍යන්තර අධිකරණය වසර 20 ක සිරදඬුවමක්‌ නියම කළේය. මේ සිරදඬුවමට එරෙහිව අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ තමා පිළිබඳ නඩු විභාගයක්‌ පැවැතීමට ජාත්‍යන්තර විනිසුරුවරුන්ට නොහැකි බවයි.

Slobodan ගේ අභියාචනය විමර්ශනය කළ විනිසුරු කණ්‌ඩායමේ ප්‍රධානි අගුයිස්‌ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්‌ථාවේ නැගී සිටි Slobodan Praljak තමා ජාත්‍යන්තර අධිකරණයට යටත්නොවන බව කියාසිටියේය.

විනිසුරුවරුනි මම ජාත්‍යන්තර අධිකරණයට යටත් නොවන්නෙමි. නුඹලාට මාව සිරගෙට යවන්න බැහැ. මම යුද අපරාධකරුවෙක්‌ නොවේ. රටත් ජනතාවත් උදෙසා සටන්කළ හමුදා නිලධාරියෙක්‌ යයි Slobodan වේගවත්ව ප්‍රකාශ කළේය.

Slobodan Praljak ට අසුනේ වාඩිවී ප්‍රකාශයක්‌ කරන ලෙස විනිසුරුවරයා පැවසුවත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් මම හිස නමන්නේ මගේ රටේ ජනතාවට පමණයි. නුඹලාට නොවෙයි යයි පවසා එකවරම සාක්‌කුවෙන් ගත් කුඩා කුප්පියක තිබූ දියරයක්‌ මුවට හලා ගත්තේය.

මේ අවස්‌ථාවේ බියට පත් Slobodan ගේ නීතිවේදියා මගේ සේවාදායකයා වස බිව්වා යයි කෑගැසීය.

72 හැවිරිදි Slobodan Praljak 2013 වසරේ සිට හේග් නුවර නෙදර්ලන්ත සිරගෙයක පසුවිය.

මෙම අනපේක්‍ෂිත සිද්ධිය නිසා විගස අධිකරණය කල්දැමූ විනිසුරුවරයා විගස Slobodan ව රෝහලට ගෙනයන ලෙස නියෝග කළේය.

Slobodan Praljak පැය 2 කට පසු රෝහලේ දී මියගියේය. මෙහිදී අධිකරණ බලධාරීන් ප්‍රශ්න කළේ ඔහුට දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදා තිබියදී වස කුප්පියක්‌ ලැබුණේ කෙසේද යන්නයි.

වස කුප්පිය කටේ හලා ගැනීමට පෙර ඔහු පැවැසුවේ තමාට එරෙහි සිරදඬුවම පිළිනොගන්නා බවයි.

සෑම දිනකම නෙදර්ලන්ත සිරගෙයක සිට දැඩි ආරක්‍ෂක විධිවිධාන යෙදූ වෑන් රියකින් අධිකරණය වෙත ගෙන ආ මේ බොස්‌නියා ක්‍රෝට්‌ හමුදා ජනරාල්වරයා ගැන ක්‍රෝෂියානු රජය කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත.

ක්‍රෝෂියාවේ වත්මන් රජය ඔහුට එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයට පාවාදුන් බවට ජනරාල්ට පක්‍ෂපාතී පාර්ශව චෝදනා කළහ. එහෙත් ඔහු තම නිර්දොශීභාවය පෙන්නුම් කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයට බාරවිය.

1990 වසරේදී බොස්‌නියාවේ පිහිටි ක්‍රෝට්‌ ප්‍රාන්තයෙන් මුස්‌ලිම්වරු පලවා හැරීමට Slobodan Praljak ඇතුළු ක්‍රෝෂියානු දේශපාලකයන් හයදෙනකු සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබුණි.

හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට ඇතුළුවන සෑම අයකුට දැඩි පරීක්‍ෂාවට ලක්‌කරන අතර ජංගම දුරකථන සහ යකඩ උපාංග රාජසන්තක කෙරේ.

හිටපු බොස්‌නියා ක්‍රෝෂියානු ජනරාල් Slobodan එක්‌සත් ජාතීන්ගේ අධිකරණයට අල්ලා දුන්නේ බොප්නියා ක්‍රෝට්‌ බලධාරීන්ය. එය පාවාදීමක්‌ ලෙසට වාර්තා විය.

Slobodan ට එරෙහිව සාක්‌කිදීමට ඉදිරිපත්වූ සාක්‍ෂිකරුවන්ගෙන් ඔහු විමසුවේ මම සමූල ඝාතන සිදුකළ නම් නුඹලා ඉතුරුවුනේ කෙසේද යන්නයි. මේ අතර හිටපු හමුදා ජනරාල්වරයාට වස කුප්පිය ලැබීම ගැන නෙදර්ලන්ත බලධාරීන් පරීක්‍ෂණයක්‌a ආරම්භ කර ඇත. එහෙත් සර්බියානු නීතිවේදී මොචාවිලා පැවසුවේ හේග් ජාත්‍යන්තර අධිකරණය ගුවන් තොටුපලකට සමාන බවයි. මුදල් ඇත්නම් ඕනෑම දෙයක්‌ කළ හැකියි යයි ඔහු කියාසිටියේය.

Slobodan වස කුප්පිය කටේ හලාගන්නා අවස්‌ථාවේ ඔහු දෙපස සිටියේ තවත් ක්‍රෝෂියානු දේශපාලකයන් දෙදෙනකුවූ බෘනෝ ස්‌ටෝනිස්‌ සහ මිලිවොඡ් පෙට්‌කෝවින්ය.

මේ හිටපු හමුදා නිලධාරියා වසබොන අයුරු සජීවී ලෙස ජාත්‍යන්තරයට විකාශය විය.

ඔහු වස පානය කරන අවස්‌ථාවේ ඔහුට පිටුපසින් ආරක්‍ෂක නිලධාරියකු පවා නොසිටි බව හෙලිවිය.

මෙයට පෙර හේග් නුවර සිරගෙයක රඳවා සිටි හිටපු සර්බියානු නායක Slobodan Milosevic අබිරහස්‌ ලෙස මියගියේය. ඔහුට වසදී ඇති බව පසුව වාර්තා විය.

Milosevic ව පාවාදුන්නේ වත්මන් සර්බියානු රජයයි.

සංස්‌කරණය කීර්ති වර්ණකුලසුරිය

Related posts

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

colombotoday

හකීම්ගේ ජාතිවාදී රෙද්ද නාවලපිටියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ගලවා දමයි (Video)

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

colombotoday

අදට දින 7යි.. මහ වැස්සේ තෙමි තෙමී ආබාධිත රණවිරුවෝ තවමත් මහ පාරේ

colombotoday