World

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

ඉරාකයට සහ සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 800 ක්‌ මරුමුවට පත්වී ඇති බව ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් සන්ධානය මුල්වරට පිළිගෙන ඇත.

මේ වන විට ගුවන් ප්‍රහාර 28198 ක එල්ල වී තිබේ. මෙයට අමතරව ගොඩබිමේ සිට ප්‍රහාර 56976 ක්‌ එම රටවල්වලට එල්ල වී තිබේ.

ඉරාකයේ මෝසුල් නගරයට එල්ල වූ ප්‍රහාරවලින් 5805 ක්‌ මරුමුවට පත්වී ඇතැයි ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියා සිටී. 2014 වසරේ සිට ඇමරිකාව සහ ඉරාකය ප්‍රහාර එල්ල කිරීම් අරඹා ඇත.

අයිසිස්‌ ත්‍රස්‌තයන් සහ ගරිල්ලා කණ්‌ඩායම් මර්දනය කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කර තිබේ.

මේ අතර ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පැවසුවේ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 1700 කට අධික බවයි.

මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයැම ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

-දිවයින

Related posts

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

Admin

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිහඬ පිළිවෙතක්

colombotoday

ඉම්රාන් ඛාන් දින 8ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin