Colombo Today Local News

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවත් ඔවුන් වංචා කරනු ලැබූ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සහ දේපළ නැවත රජයට ලබාගත යුතු බවත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන තුරු රටේ ජනතාව දැඩි උනන්දුවකින් යුතුව බලාසිටින බව ද රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

යහපාලන රජය බලයට පත්වුණේ හොරුන්ට දඬුවම් ලබාදෙන බව කියමින්. ඒත් යහපාලන රජය යටතේත් මේ වගේ මහා පරිමාණ වංචා සිදුවෙනවා නම් ඒක බරපතළ වැරැද්දක්‌. ඒ නිසා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් වගකීම මේ බැඳුම්කර වංචාකාරයන්ට දඬුවම් ලබාදීම යෑයි ද නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත

colombotoday

ජනපතිගේ ධුර කාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙයි !

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම අද වාර්තා වෙයි

Admin