Colombo Today Local News

බටහිර වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවන පිරිතේ බල මහිමය !

පිරිත් සජ්ජායනාවන් තුලින් මානසික පීඩාවන් නැති කරගත හැකි බවට හොංකොං හි පිහිටි බෞද්ධ අධ්‍යාපණික කේන්ද්‍රය සිදුකල පර්‍යේෂණයකින් හෙලි කර ගන්නට හැකි වී ඇත.ඔවුන් විසින් හදවත හා මොළය අතර ඇති සම්බන්ධයත් හා ආගමික පිරිත් සජ්ජායනාවක් වැනි දෙයක් තුලින් කරණු ලබන අභයාස පිළිබද පරීක්ෂණ කිහිපයක් මීට පෙරද පවත්වා තිබේ..

හොංකොං විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යාපණ කටයුතු අධ්‍යක්ෂ ෂික් හින් හන්ග් හිමිපාණන් මේ ගැන වැඩිදුර තොරතුරු සදහන් කරමින් කියා සිටියේ ” ආගමික පිරිත් සජ්ජායනවන් තුලින් මානසිකව ඇති පීඩාවන් මෙන්ම ආතතියද නැති කර දැමිය හැකි බවයි.

ෂික් හින් හන්ග් හිමිපාණන්

මෙම විමර්ශනයට ඔවුන් විසින් අඩු තරමින් වසරක කාලයක් පුරාවට “අමිතාභ” හෙවත් බුදුරජාණන්වහන්සේගේ නම නිරතුරුව සජ්ජායනා කර ඇති බෞද්ධයින් 21 දෙනෙකු සහභාගී කරවාගෙන තිබේ. ඔවුන් පර්‍යේශණයට සහභාගී කරවාගත් සියලු දෙනා හට මානසිකව කැලබීම් ඇති කරවන හා ආතතිය ඉහල නංවන අන්දමේ චායාරූප මෙන්ම සාමන්‍ය පින්තූරද ලබා දී “අමිතාභ” නාමය නිරතුරුව සජ්ජායනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.

අමිතාබ හෙවත් බුදුරජාණන්වහන්සේ නාමයත් විටෙක වෙනත් ආගමක් හා සම්බන්ධ අයකුගේ නාමයත් විටින් විට සජ්ජායනය කරමින් හෝ කිසිවක් නොකියමින් මෙම ලබාදුන් චායාරූප දෙස බලා සිටිමින් මානසික වශයෙන් අභ්‍යාස කිරීමට පර්‍යේක්ෂකයන් විසින් සහභාගී වූවන් හට උපදෙස් ලබා දී තිබේ.

අවසාන ප්‍රථිඵලය ලෙස විමර්ශකයින් හට සොයාගැනීමට හැකි වූයේ සජ්ජායනාවන් අතරතුර සහභාගී වූවන් හට ලබා දුන් මානසික ආතතිය අවුලන චායාරූප. දෙස බලා සිටීමේදී ඔවුන්ගේ එම චායාරූප නිසා හටගත් මානසික ප්‍රතිචාර සිතින් පලා නොගියද සජ්ජායනාව තුලින් ඔවුන්ගේ සිතට එම චායාරූප නිසා හටගත් ආතතියෙන් කිසිම ාඅකාරයක හානියක් පීඩාවක් නොවුන බවය..

එමෙන්ම පර්‍යක්ෂකයන් විසින් මෙම කාර්‍ය සදහා මනස යම්තාක් දියුණු තත්වයට උසස් තත්වයන්ට පත් කල ස්වාමීන්වහන්සේ නමක්ද සහභාගී කරගෙන ඇති බවට තොරතුරු සදහන් වේ.ඔහු සජ්ජායනය කරන අතරතුර නිතර මනසට ආතතිය ඇතිකරන චායාරූප දෙස බලන අතරම MRI යන්ත්‍ර මගින් පර්‍යේක්ෂකයන් ඔහුගේ මොළයේ ක්‍රියාවන් නිරීක්ෂණය කර ඇත. මෙම පර්‍යේෂණ ව්ල ප්‍රතිඵල “සල්ලාත සූත්‍රය” නම් සූත්‍රයේ දේශණාවලට බොහෝ සමාන බව පැවසේ,

එනම් නිතර බණ දහමට සිත යොමු කරමින් මනසට අභ්‍යාස ලබාදෙන අයකුට වෙනත් අයකුට මෙන් සිත් තැවුල් වේදනාවන් ඇතිවුවද එම බෞද්ධාගමික සජ්ජායනාවන් හා මානසික අභ්‍යාස නිසාවෙන් ඔවුන්ගේ මනසට වියවුල් තත්වයට පත්වීම හෝ ආතතිය තත්වයෙන් හානියක් සිදු නොවන බවයි.

සජ්ජායනාවන් තුලින් තමන් ලෙස හදුන්වන පුද්ගලයා ගැන ඇති හැගීම අල්ප කර හෝ අඩු කරගැනීමෙන් මානසික වශයෙන් විශාල සුවයක් ලබා ගත හැක.

ශ්‍යාම් ඩොන් – දිවයින

Related posts

තහනම නොතකා නිකාබය ඇදන් ආ ගුරුවරියන් 10ක් විදුහල්පති ආපසු හරවා යවයි…

colombotoday

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

colombotoday

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

colombotoday