Colombo Today Local News

මරික්කාර්ගේ ඇගිලි ගැසීමට තනූජාත් එරෙහි වෙයි.. සිරසේ සියලු තනතුරු දමා ගෙදර යයි !

සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති නිවේදිකාවක්, වැඩසටහන් නිෂ්පාදිකාවක් සහ එහි අධ්‍යක්ෂවරියක් ලෙස වසර 19ක කාලයක් සේවය කළ තනූජා ජයවර්ධන මෙනවිය අද දිනයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

MTV, MBC ප්‍රවර්ධන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඇය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ගේ කුමන්ත්‍රණකාරී ලෙස එම තනතුරින් ඉවත් කර YFm නාළිකා ප්‍රධානී තනතුරට පත් කිරීමට පියවර ගෙන ඇත.

නාළිකා ප්‍රධානී තනතුර ඇය කලින් දැරූ අධ්‍යක්ෂ ධූරයට වඩා පහළ තනතුරකි. ඇය අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කරද්දී සුළු අළෙවිකරණ නිලධාරිනියක් ලෙස සේවයට එක් වී, “කිලීගේ දේවාලය වැදීමේ” අනුහසින් මේ වන විට MBC ප්‍රධාන විධායක නිලධාරි තනතුරේ කටයුතු කරන ලක්ෂ්මි ජයසිංහ මෙන්ම ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ එස්.එම්. මරික්කාර්ට යටත්ව නව තනතුරේ කටයුතු කිරීමට සිදුවීම නිසා තනූජා මෙසේ ඉවත්වීමට හේතුව බව සිරස ආරංචි මාර්ග පවසයි.

එස්.එම්. මරික්කාර්ගේ දේශපාලන ඇගිලිගැසීම් හේතුවෙන් සිරස FM නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කළ ගිහාන් රොද්‍රාගෝ ද පසුගිය සතියේ එම තනතුරින් ඉල්ලා අස්වී තිබිණි.

MBC පරිපාලන කටයුතු සදහා එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මැදිහත්වීමට පටන ගෙන කෙටි කාලයක් තුළ සිරස නාළිකාව අංක 1 ස්ථානයේ සිට අංක 3 ස්ථානය දක්වා පහතට ඇද වැටිණි.

Related posts

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

මවගෙ රැකවරණයෙ සිටියදී පැහැරගෙන ගිය දරුවකු පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි

Admin