Colombo Today Local News

හාල්, පොල් රටින් ගෙන්වන්න – ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

සහල් හා පොල් මිල පාලනය කිරීම සදහා සහල් හා පොල් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව සහල් හා පොල් මිල සාමාන්‍ය තත්ත්වයට පත්වෙන තුරු එම ද්‍රව්‍ය ආනයනය කිරීමටත් ඊට අදාළ බදු සහන ලබාදීමටත් පෙරේදා (5දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබේ.

අමාත්‍යවරුන් කිහිපදෙනකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන්නේ ජීවන වියදම ඉහළ යෑමට සහල්, පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ප්‍රබලව බලපා තිබෙන බවයි.

සහල් ආනයනය කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කරද්දී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ එවැනි ගැටලුවක් නොමැති බවයි.

අමාත්‍යවරුන් දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් මත ගැටුම් මේ අවස්ථාවේදී සිදුවී ඇති බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Related posts

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

Admin

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

colombotoday

රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයි

Admin