Colombo Today Local News

සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

එළඹෙන 12 වැනිදා සිට නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ ආරම්භ කෙරෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් 98% කට ජාතික හැඳුනුම්පත් නිකුත් කර අවසන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි කොමසාරිස් ජෙනරාල් වියාණි ගුණතිලක මහතා සඳහන් කළේ, මෙවර අයදුම්පත් ලක්ෂ 3 1/2ක් ලැබුණු බවයි.

එම සියලු හැදුනුම්පත් ඔවුන්ගේ පෞද්ගලික ලිපියන්ට තැපැල් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඒවායේ යම් දෝෂ ඇත්නම් අද සහ හෙට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පැමිණ නිවැරදි කර ගන්නා ලෙසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දා සිට 21 දක්වා පැවැත් වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 688,852 කි.

ඒ වෙනුවෙන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 5116 ක් පිහිටුවා ඇත.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල දේශන, සම්මන්ත්‍රණ සහ උපකාරක පන්ති පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර කෙරිණි.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සඳහන් කළේ, එය උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

 

Related posts

“රජයේ සමහර තීරණ ඇමතිවරුන්ටත් හොරෙන්.. අපි අසරණවෙලා“ – ඇමති දයා ගමගේ

colombotoday

“සහල් හිගයක් නෑ.. මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව හූරා කන්න ඉඩ දීලා“ ගොවි සංවිධාන රජයට යුධ ප්‍රකාශ කරයි

colombotoday

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කර පාසල් සිසු රක්ෂණය පෞද්ගලික සමාගමකට?

colombotoday

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

දේශපාලකයන් හොදයි.. වැරැද්ද ජනතාව අතේ.. අළුත් ජනතාවක් පත්කර ගත යුතුයි – මැකො

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday